Sbs Sinhalese - Sbs

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 27:56:37
  • Mas informaciones

Informações:

Sinopsis

Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .

Episodios

  • ගබ්සාවට ඇති ප්‍රවේශය වැඩි කිරීම සඳහා වූ පනතක් NSW පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි: කාලින විග්‍රහය මැයි 19

    19/05/2025 Duración: 07min

    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල ගබ්සා සිදු කිරීමට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ උණුසුම් විවාදයක් මධ්‍යයේ සම්මත වී තිබෙනවා. 2024 අගෝස්තු මාසයේ ක්වින්බියන් රෝහලේ දී කාන්තාවකට පෙර සැලසුම් කළ පරිදි ගබ්සාව සිදු කිරීමට ප්‍රතික්ෂේප කර ඇති බව හෙළි වීමෙන් පසු ග්‍රීන්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඇමන්ඩා කොන් විසින් නීති කෙටුම්පත සභාගත කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

  • SBS සිංහල Newsflash මැයි 19: පොලී අනුපාත ගැන තීරණය කිරීමට ඕස්ට්‍රේලියානු මහබැංකු නිලධාරීන් අද රැස්වේ

    19/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 19 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • සංක්‍රමණ පසුබිමක් ඇති පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා කල් තියා හඳුනා ගැනීමට ඇති අවස්ථා අවම බව හෙළි වෙයි

    18/05/2025 Duración: 07min

    ඕස්ට්‍රේලියානු පිරිමි ප්‍රජාව අතර බහුලව ම හඳුනාගත් පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි. කලින් ම පිළිකා තත්ත්වය හඳුනාගත හොත් ප්‍රතිකාර කිරීම මෙහි දී සාපේක්ෂව පහසු වනවා. නමුත් වික්ටෝරියාහි Monash Rural Health විසින් සිදු කළ පර්යේෂණයක් විසින් විවිධ සංස්කෘතිකමය සහ බහුභාශාමය පසුබිම්වලින් පැවත එන පිරිමින් හට අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා මෙම පිළිකාව වැළඳුණහොත් ඇති වන අවදානම් තත්ත්වය වැඩි බව සොයාගෙන තිබෙනවා. අන් රටක උපත ලැබූවන් හට රෝග නිර්ණය සඳහා මුල්කාලීනව කෙරෙන පරීක්ෂණ මග හැරීමට ඇති ඉඩකඩ වැඩි බව මෙම පර්යේෂණය පෙන්නුම් කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

  • 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 12 - මැයි 16

    16/05/2025 Duración: 09min

    අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසිගේ ඉන්දුනීසියානු සංචාරය, ලිබරල් සහ ග්‍රීන්ස් පක්ෂවලට නව නායකයින් පත්වීම සහ ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් පිලිබඳව නව දත්ත නිකුත් වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 12 වනදා සිට මැයි 16 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

  • මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ලාංකික සහ චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිරික්සීමට කල අපූරු වැඩමුළුව

    16/05/2025 Duración: 10min

    මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රී ලංකික - චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිලිබඳ පර්යේෂණයක් සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර තරුපති මුණසිංහ මහතා ඒ පිළිබඳව SBS සිංහල සේවයට හෙලිකල තොරතුරු මෙම සාකච්ඡාවෙන්.

  • කාන්තා Tri-Nation අවසන් තරඟය ඉන්දියාවට පැරදුනු හේතු තුනක් පුහුණුකරු රොමේෂ් රත්නායක හෙළිකරයි: ක්‍රීඩා විග්‍රහය

    16/05/2025 Duración: 10min

    මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

  • පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂ කණ්ඩායම් වල පොදු සංධානයක් සෑදීම රනිල්ගේ මුලිකත්වයෙන්: මවුබිමෙන් පුවත්

    16/05/2025 Duración: 08min

    අද - මැයි මස 16 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

  • SBS සිංහල Newsflash මැයි 16: ඉන්දුනීසියාව සමග ආරක්‍ෂක සබඳතා පුළුල් විය යුතු බව ඕස්ට්‍රේලියානු අගමැති පවසයි

    16/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 16 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • ඕස්ට්‍රේලියාවේදී රියදුරු බලපත්‍රය අත්හිටුවීමකට පවා ලක්විය හැකි මේ වැරදි ගැන දැනුවත් වෙමු

    15/05/2025 Duración: 08min

    ඕස්ට්‍රේලියාව තුල රිය ධාවනය කිරීමේදී විවිධ නීති කඩ කිරීම් රියදුරන් අතින් සිදුවනවා. නමුත් ඇතැම් නීති කඩකිරීම් වලදී රියදුරු බලපත්‍රය අත් හිටුවීම හෝ එම වැරදි සාපරාධී ක්‍රියා ඝණයට ඇතුලත් වීම සිදු වනවා. ඕස්ට්‍රේලියාවේ රිය ධාවනයේදී සිදුවිය හැකි මෙවැනි නීති කඩකිරීම් පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

  • ට්‍රම්ප් සිරියාවේ සම්භාධක ඉවත්කිරීමේ ප්‍රීතිය සිරියානුවන් වීදි පුරා ප්‍රීති ඝෝෂා පවත්වමින් සමරති: 'ලොව වටා'

    15/05/2025 Duración: 10min

    මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

  • ලිබරල් පක්ෂයට ඇති කාන්තා ඡන්ද පදනම වැඩි කරන්න නව නායිකාවගේ අවධානය: 'කාලීන විග්‍රහය' මැයි 15

    15/05/2025 Duración: 09min

    ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට පක්ෂ නායකත්වයට කාන්තාවක් පත්වෙලා තියෙනවා. මේ හරහා ඉදිරියෙදී ලිබරල් පක්ෂයේ කාන්තා ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරනු ඇති. කෙසේ උවත් කාන්තාවක් නායකත්වයට පත්වූ පමණින් කාන්තා ඡන්ද දිනා ගැනීමට එය ප්‍රමාණවත් නොවනු ඇති බව විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

  • 485 වීසා බලපත්‍රය අවසන් වීමට ආසන්න නම් මේ දේවල් ගැන දැනුවත් වෙන්න

    15/05/2025 Duración: 06min

    ශිෂ්‍ය වීසාවලින් පසු අයදුම් කරන 485 තාවකාලික වීසා පිළිබඳ නිරන්තරව යාවත්කාලීන වූ දැනුමකින් සිටීම වැදගත් වනවා. 485 වීසා බලපත්‍රයක අවසාන කාලයට ළඟා වූ කෙනෙකුට ඉන් පසු ඇති අවස්ථා පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි සංක්‍රමණ නියෝජිත නදුන් හේවා විදාන සමඟ සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.

  • SBS සිංහල Newsflash මැයි 15: ග්‍රීන්ස් පක්ෂය නව නායකයෙකු පත් කරගැනීම උදෙසා අද රැස්වෙයි

    15/05/2025 Duración: 04min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන්දෙන්න.

  • මිනිස් සංගීත නාද රටාවලට සමීපව චිම්පන්සීන් තාලයට බෙර වයන බවට පර්යේෂණයකින් හෙළි වෙයි

    15/05/2025 Duración: 06min

    ගස්වල කඳන්වලට තට්ටු කිරීමේ දී චිම්පන්සීන් එය තාලයකට අනුව සිදු කරන බව නව පර්යේෂණයක් අනාවරණය කරනවා. බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ චිම්පන්සීන් ඔවුන්ට ආවේණික බෙර ශෛලියක් පෙන්නුම් කළ බවට ද අතීත පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා. අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

  • නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

    14/05/2025 Duración: 10min

    නිවසේ සිට රාජකාරි කිරීම කියන සංකල්පය කොවිඩ් 19 වසංගත කාලය තුලත් ඉන් පසුවත් බොහෝ ආයතන තුල භාවිතා වන ක්‍රමවේදයක් වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය නිසා බොහෝ සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කරලා තියෙනවා. නමුත් ඇතැම් ආයතන මෙම ක්‍රමයේ පලදායීතාවය ගැන ප්‍රශ්නකර සිටිනවා. මේ ක්‍රමවේදය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

  • SBS සිංහල Newsflash මැයි 14: ඉන්දුනීසියානු ජනාධිපති හමුවීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වේ

    14/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 14 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • නිදන්ගත රෝගවලින් නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්න පවුලක් වශයෙන් කළ හැකි දේවල් මෙන්න

    13/05/2025 Duración: 08min

    ඕස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිදන්ගත රෝග තත්ත්වයකින් පෙළෙන බව මෑතක සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. නව යොවුන් වයසේ පසුවන ප්‍රජාවට වැළඳිය හැකි නිදන්ගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට පවුලක් ලෙස මැදිහත් විය හැකි ආකාරය මෙහි දී ඉතා වැදගත් වනවා. නිදන්ගත රෝග නිවාරණය, කළමනාකරණය සහ පවුලේ භූමිකාව පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි වෛද්‍ය ප්‍රභාත් වටපල්දෙණිය සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

  • How to enjoy Australia’s wilderness areas responsibly - වගකීම් සහගතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේද: Australia Explained

    13/05/2025 Duración: 11min

    Australia’s beautiful landscape is home to a stunning array of native plants and wildlife, and if you’re heading out to explore, it’s important to be a careful and respectful visitor. - වෙරළ තීරයන්ගේ සිට රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ජනගහනයෙන් අඩු Outback ප්‍රදේශ දක්වා ඔස්ට්‍රේලියාවේ දර්ශනීය සහ විවිධත්වයෙන් යුත් පරිසර හමු වනවා. මේ විවිධ පරිසරවල ඔස්ට්‍රේලියාවට ආවේනික වෘක්ෂලතා සහ සත්ත්වයන් දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදෙස්වල සංචාරය කිරීමට පෙර අදාළ ප්‍රදේශවල පාරිසරික සහ සංස්කෘතික අංග කෙරෙහි ප්‍රවේශම් වීම සහ ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳ අද Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා..

  • SBS සිංහල Newsflash මැයි 13: ලිබරල් පක්ෂයේ ප්‍රථම කාන්තා නායකත්වය සලකුණු කරමින් සුසන් ලී නායකත්වයට පත්වෙයි

    13/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 13 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • නව රජයේ කැබිනට් අමාත්‍යධූර පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරයි: 'කාලීන විග්‍රහය' මැයි 13

    13/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි මහතා තම රජයේ නව කැබිනට් මණ්ඩලය පිළිබද තොරතුරු නිවේදනය කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් ලැබූ විශාල ජයග්‍රහණය සමගින් ලේබර් පක්ෂය තම ඉතිහාසයේ ලබාගත් වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාව ලබාගනීමට සමත් වෙලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

página 10 de 11