Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
SBS සිංහල Newsflash දෙසැ 15: සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
15/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: Cronulla riots වලින් පසු ගත වූ වසර 20 තුළදී ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික සමාජය උගත් පාඩම් තිබේද?
14/12/2025 Duración: 10minනිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.
-
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 08 - දෙසැ 12
12/12/2025 Duración: 06minදෙසැම්බර් 08වන දා සිට දෙසැම්බර් 12වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
-
තරුෂි එක්ක තරු කතා: ‘නවසීලන්තයට ආ ගමන මට හුඟක් දෑ අහිමි කළා’ - ප්‍රවීණ සන්නිවේදක වජිර ජයවර්ධන
12/12/2025 Duración: 09minඅද තරුව නිවේදකයෙක් ලෙස සුවහසක් හදවත් සිය ආකර්ශනීය හඬ පෞරුෂයෙන් වසඟ කර ගත් සම්මානනීය ‘සන්නද්ධ සන්නිවේදක’ වජිර ජයවර්ධන.
-
ක්‍රීඩා විග්‍රහය: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිතේෂ් සහ නේදන්
12/12/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
මව්බිමෙන් පුවත්: ආපදාවෙන් මිදීමට මාස 4 ක් තුල ඩොලර් මි. 35 ක් අවශ්‍යයි - UN / ආණ්ඩුවේ පරප්පාඩු 2284 ක් පිරිවීමට කැබිනට් අනුමැතිය
12/12/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash දෙසැ 12: රක්ෂණ හිමිකම් වැරදි ලෙස ප්‍රතික්ෂේප කළ බුපා සමාගමට ඩොලර් මිලියන 35 ක දඩයක්
11/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 12 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
A parent’s guide to help teens adjust to social media age restrictions - Australia Explained: ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වයස් සීමා වලට ළමුන්ව හැඩගස්සන්න, දෙමාපියන් දැනගත යුතු දේවල්
11/12/2025 Duración: 13minAustralia is restricting access to social media accounts for under-16s, and many families are wondering what it means in practice. While the rules place responsibility on tech platforms rather than young people or their parents, the changes may still create stress for teens who rely on social media to stay connected. Find out how the ban will work, why connection still matters, and how experts suggest supporting young people through the transition. - ඕස්ට්‍රේලියාවේ යොවුන් පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම ආරම්භ වී තිබෙන නමුත් නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තවමත් බොහෝ අවිනිශ්චිතතාවයන් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තේරුම් ගැනීමට සහ නිසි ලෙස කටයුතු කිරීමට වැදගත් වෙන තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
-
කාලීන විග්‍රහය: පාඨක ප්‍රසාදය දිනෙන් දින ඉහළ යන රොමැන්ටසි කතා කලාව
11/12/2025 Duración: 06minමේ විද්‍යා ප්‍රබන්ධයක් නම් නෙවෙයි, නමුත් එහි සලකුණු පෙන්වනවා. ආදර කතාවකුත් නෙවෙයි. හැබැයි එහි ප්‍රේමණීය බව ඔබට දැනෙනවා. ෆැන්ටසියකුත් නෙවෙයි. ඒත් කතාව අතරමඟ ඔබට අඟුටුමිට්ටේකුව හෝ නර වෘකයෙකුව හමුවෙන්න පුළුවන්. මේ ටික්ටොක් මාධ්‍යය කළඹන කතා පොත් කාණ්ඩයක් පිළිබඳ කතාවයි.
-
'ගංවතුර පාලනය කරන්න පුළුවන්, නැත්තට නැති කරන්න බෑ. පුළුවන් බවට නොමඟ යැවීම වැරදියි' දිත්වා කුණාටුව විදු ඇසකින්
11/12/2025 Duración: 10minදිත්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා ගිහින්. නමුත් එලෙස ගියේ විශාල ආපදා තත්ත්වයක්, ජීවිත සහ දේපළ හානි ඇති කරලා. මෙවැනි දැඩි බලපෑමක් ඇති වීමට හේතුව, දේශගුණික විපර්යාස, මිනිස් ක්‍රියාකාරකම්වල සම්බන්ධය සහ ගංවතුර පාලනය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
-
අපේ වහරේ කතා අහුරක්: මෙන්න මෙහෙමයි අබරා සිල් ගත්තේ!
11/12/2025 Duración: 06minකියන්නං වාලේ කරන්න යන එකයි, කරන්නං වාලේ කියන්න යන එකයි දෙකම ඉවර වෙන්න පුළුවන් අවුලකින් ය කියලා අපේ වහරේ එන මේ රස කතාවෙන් අපේ වැඩිහිටියෝ කියා දුන් හැටි සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.
-
ලොව වටා: වෝර්නර් බ්‍රදර්ස් මිල දී ගැනීමට නෙට්ෆ්ලික්ස් සහ පැරමවුන්ට් වෙතින් ලංසු
11/12/2025 Duración: 08minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash දෙසැ 11: ඇමෙරිකාවට යන ඕස්ට්‍රේලියානුවන්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් හෙළි කල යුතු රෙගුලාසියක්
10/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 11 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
SBS සිංහල Newsflash දෙසැ 10: සමාජ මාධ්‍යයෙන් මිදී නිදහස් ගිම්හාන නිවාඩුවක් භුක්ති විඳින්න - අගමැති දරු දැරියන්ගෙන් ඉල්ලයි
09/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
සිය සේවය ලබන සෑම රෝගියෙකුගෙන් ම උපයන මුදලින් කොටසක් ශ්‍රී ලංකාවේ ජීවිතයකට උපකාර කරන්නට කැප කළ වෛද්‍ය තිලාන්
09/12/2025 Duración: 09minමේ කතාබහ වෛද්‍යවරයෙකු සමඟයි. නමුත් මේ වෛද්‍ය සාකච්ඡාවක් නම් නොවෙයි. මේ වෘත්තියභාවයෙන් ඔබ්බට ගොස් මොහු විසින් සිදු කරනා එක්තරා සමාජ කටයුත්තක් පිළිබඳවයි. මේ තනි පුද්ගලයෙක්. කිසිදු සංවිධානයකට, පුණ්‍යායතනයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. තම ශක්ති ප්‍රමාණයෙන් සමාජයට පෙර ලා යමක් දෙන යහපත් මනුෂ්‍යයෙකු පමණයි. මේ කතාන්දරයේ කතානායකයා තිලාන් වල්ගමගේ. ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේවල වාසය කරන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්.
-
Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල ගුවන් විදුලි සේවයට පැවසූ දේ
09/12/2025 Duración: 09minLankan Fest 2025 දස වෙනි සැමරුම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ඉහළට ඔසවා තැබීමට නන් අයුරින් දායක වූ සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු Luminary Awards පිරිනැමීම පසුගිය නොවැම්බර් 16 වෙනිදා Crown Riverwalk පරිශ්‍රයෙදී සිදු වුණා. සම්මානලාභීන් අතරින් කීර්තිමත් බුද්ධිමතෙක් සහ ප්‍රජා නායකයෙකු වන ආචාර්ය ලයනල් බෝපගේ සමගින් SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාවේ පළමු කොටසටයි මේ.
-
'කුකුල් මස් පිසීමට පෙර සෝදන්න එපා', උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ FCIS වෙතින් උපදෙස්
09/12/2025 Duración: 06minඋත්සව සමයේ කලඑළිය අපිට දැන් ඉඳන් ම දකින්න තියෙනවනේ. සාප්පු සංකීර්ණවල, රැකියා ස්ථානයේ, මගතොටේ සැරසිලිවලින් අපිට මේ උත්සවාකාර බව දැනෙනවා. ඒත් මේ කාලය ඇස-කන පිනවන සමයක් ම නෙවෙයි. රස නහර පිනා යන විවිධ කෑම වර්ග නැත්නම් මේ කිසිදු සැමරීමක් අංගසම්පූර්ණ වෙන්නේ නැහැ. සංස්කෘතිකමය වශයෙන් අපි විවධ ආහාර වර්ග හදනවා. හැබැයි මේ කොයි කාටත් පොදු දෙයක් තියෙනවා. ඒ තමයි ආහාර ගැනීමේ දී සහ පිසිමේ දී සෞඛ්යාරක්ෂිත වීම. එහෙම නොකළොත් උත්සව සමයේ සතුට නැති වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ Food Safety Information Council (FSIC) විසින් ආරක්ෂිතව ඔබේ ආහාර රස විඳින්න ගෙන එන උපදෙස් කිහිපයක් තමයි මේ කෙටි විශේෂාංගයෙන් ගෙන එන්නේ.
-
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සිදු වන සමාජ මාධ්‍ය තහනම ගැන දැනගතයුතු දේවල්
09/12/2025 Duración: 10minදෙසැම්බර් 10 වන බදාදා සිට, ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු පිරිසට සමාජ මාධ්‍ය ගිණුම් තිබීම තහනම් කරන ලොව පළමු රට බවට පත්වනු ඇතියි. මේ නව නීති අනුව අදාළ සමාජ මාධ්‍ය ආයතන ඕස්ට්‍රේලියාවේ මෙම නීති වලට අනුකුල විය යුතු අතර එසේ නවුනහොත් අදාළ ආයතන වලට ඩොලර් මිලියන 50 ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදු වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ අදහස්
09/12/2025 Duración: 08minඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අදහස් දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මේ විශේෂාංගයට. ඔස්ටේලියානු කැපිටල් ටෙරිටරි හි, ජේඩ්න් ලේකම්ආරච්චි හා සුරංග ලේකම්ආරච්චි සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලශේන් ජයවීර හා නිමේෂා ජයවීර දැක් වූ අදහස්.
-
SBS සිංහල Newsflash දෙසැ 09: එළැඹෙන වසරේ Jetstar වෙතින් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන්
09/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.