Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
මව්බිමෙන් පුවත්: ආණ්ඩුව 2026 ට අතිරේක රුපියල් බිලියන 500 ක් ඉල්ලයි / රන්වල නිසා අනතුරේ වැටුණු පොලිස් නිලධාරීන්
19/12/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash දෙසැ 19: ඕස්ට්‍රේලියාවේ දළ සංක්‍රමණික අගයන් පහතට
19/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වෙළඳසැල් වල සිදුවන භාණ්ඩ සොරාගනීම් වාර්තාගත ලෙස ඉහලට
18/12/2025 Duración: 06minනත්තල් උත්සව සමය එළැඹීමත් සමග බොහෝ පාරිභෝගිකයින් සාප්පු සවාරි යාමට සහ භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ උනන්දුවක් දක්වනවා. නමුත් මේ අතර මෙම භාණ්ඩ අලෙවිසැල් තුල සිදුවන භාණ්ඩ සොරකම් කිරීම් ද ඉහල යමින් පවතින බව සාප්පු හිමියන් පවසනවා. ඔස්ට්‍රේලියාව තුල වසර 21කින් වාර්තාවන ඉහළතම භාණ්ඩ සොරකම් කිරීම් ප්‍රමාණය මේ වසරේ වාර්තා වෙලා තියෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
'අද මුළු මුස්ලිම් ප්‍රජාවම දිහා බලන්නේ සැකයෙන්, අපිත් මේ රටට හැඩ නොගැහුණොත් මේ සැකය තව වැඩි වෙනවා' - ශර්ධා ජමීල්
18/12/2025 Duración: 09minඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව බොන්ඩායි ප්‍රහාරය පිළිබඳ දක්වන ප්‍රතිචාර පිළිබඳ මෙල්බර්න් නුවර සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරන ශර්ධා ජමීල් SBS සිංහල සේවයට දැක් වූ අදහස්.
-
අපේ වහරේ කතා අහුරක්: බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කල ගමහාමිනේගේ කතාව
18/12/2025 Duración: 06minහිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ ලෙඩට ගෙනාපු බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කරපු ගමහාමිනේ ගේ කතාව අහලා තියෙනවා ද? අපේ වහරේ එන මේ රස කතාවෙන් කියා දෙන ඒ පාඩම සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.
-
ලොව වටා: ලෝක උරුමයක් වූ ලංකාවේ කිතුල මැදීම / ලයනල් මෙසී නිසා උරණ වූ ඉන්දීය රසිකයෝ
18/12/2025 Duración: 08minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash දෙසැ 18: පලස්තීන හිතවාදී පාගමන් Bondi ප්‍රහාරයට මග පෑදුවා, ඊශ්‍රායල ඩයස්පෝරාවෙන් චෝදනා
17/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
Your first steps to engaging with Indigenous Australians - Australia Explained: ඔබ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාව සමඟ සම්බන්ධ වෙන්න පළමු පියවර ගන්නේ මෙහෙමයි
17/12/2025 Duración: 08minConnecting with Indigenous Australia can be daunting for a newcomer to the country. So, where do you start? We asked Yawuru woman Shannan Dodson, CEO of the Healing Foundation, about simple ways to engage with First Nations issues and people within your local community. - ඔබ ඕස්ට්‍රේලියාවට අලුත් නම්, "සාම්ප්‍රදායික හිමිකරුවන්", "රට" හෝ "පළමු ජාතීන්" යන්න බොහෝ විට ඔබ අසා තිබෙනවා විය හැකියි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වන බොහෝ දෙනෙකුට එහි තේරුම ගෞරවනීය ආකාරයකින් සම්බන්ධ වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට දැනගැනීම අවශ්‍ය වනවා. ඔබ ජීවත් වන ස්ථානය කුමක් වුවත්, ඔබේ ඉංග්‍රීසි මට්ටම හෝ පසුබිම කුමක් වුවත්, පළමු ජාතීන්ගේ සංස්කෘතීන් සහ ප්‍රජාවන් ගැන ඉගෙන ගැනීම ආරම්භ කිරීමට තිබෙන සරල සහ අර්ථවත් ක්‍රම ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
-
ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල සියුම් ලෙස හෝ සිදුවන ජාතිවාදී හිංසන ගැන විමර්ශනයක් කිරීමට යෝජනා
17/12/2025 Duración: 09minඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික සමාජයක් තියෙන රටක්. නමුත් ඇතැම් විට ජාතිවාදී ගැටළු වලට ඇතැම් අයට මුහුණ දෙන්න සිදුවෙනවා. රැකියා ස්ථාන වලදීත් මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න ඇතැම් අයට සිදුවනවා. ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල පවතින ජාතිවාදය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියාවේ ජාතිවාදී හිංසනයන් පිලිබඳ සොයා බලන කොමසාරිස් වරයා වන ගිරිදරන් සිවරාමන් පවසනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මෙන්ම මේ ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක්ගෙන් තොරතුරු විමසලා බලන්නත් අපි හිතුවා.
-
වැඩිහිටියන්ගේ වෛරී ගොදුරකට ලක් ව අකලට පරවුණු මැටිල්ඩා
17/12/2025 Duración: 03minබොන්ඩායි සමූහ ඝාතනයේ ලාබාලතම ගොදුර වූ මැටිල්ඩාගේ ශෝකයට පත් පවුලේ ඥාතීන් අඟහරුවාදා (16) රාත්‍රියේ බොන්ඩායි මහජන මණ්ඩපයේ පැවති සංවේගජනක සැමරුමකදී සිය 10 හැවිරිදි දියණියට උපහාර දක්වමින් පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් පළ කළා.
-
SBS සිංහල Newsflash දෙසැ 17: ඇඩිලේඩ් හි පැවැත්වෙන ඔස්ට්‍රේලියා එංගලන්ත ටෙස්ට් තරඟයට විශේෂ ආරක්ෂාවක්
17/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
ඔබත් සහකරු හෝ පවුලේ අයෙක් අතින් මානසික, ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වෙනවා ද?
16/12/2025 Duración: 09minදකුණු ආසියාතික සංක්‍රමණික ප්‍රජාව තුල සැඟව පවතින ගෘහස්ථ හා පවුල් හිංසන පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ඇසුරෙන් ගෙන එන විග්රහාත්මක විශේෂාංගය.
-
බොන්ඩායි ප්‍රහාරය හෙළා දැකීමට එක් වන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ශ්‍රී ලංකා ජනපති, විදේශ ඇමති හා විපක්ෂ නායකවරයාත් එක් වෙයි
16/12/2025 Duración: 02minඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සහ ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය පළ කරනවා.
-
බොන්ඩායි අමිහිරි සිදුවීම තුල සැබෑ ඕස්ට්‍රේලියානු බව ලොවට පෙන්වූ අහමඩ් අල්-අහමඩ්
16/12/2025 Duración: 02minඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.
-
කාලීන විග්‍රහය: Bondi ත්‍රස්ත ප්‍රහාරය - ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ඇත්තෙන්ම ප්‍රමාණවත්ද
16/12/2025 Duración: 12minබොහෝ කලක පටන් ඔස්ට්‍රේලියාව තුවක්කු පාලනය සම්බන්ධයෙන් ඉතා ඉහල වගකීමකින් කටයුතු කරන බවට දැඩි විශ්වාසයක් පැවතුනා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ප්‍රාන්ත සහ ටෙරිටරිවල වගකීම වන අතර, 1996 පෝර්ට් ආතර් සංහාරයෙන් පසුව තුවක්කුවක් හිමිකර ගත හැක්කේ කාටද - සහ ඇයි යන්න පිළිබඳ දැඩි නීති පැවතුනා. නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ප්‍රමාණවත්ද යන්න පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.
-
SBS සිංහල Newsflash දෙසැ 16: ඔස්ට්‍රේලියාව තුල ගිනිඅවි භාවිතාව පිලිබඳ නීති දැඩි කිරීමේ තීරණයක්
16/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සිංහල දෙමළ ප්‍රජාව එකතු කර ගෙන වැඩ කරන කොට මට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනා - ආචාර්ය ලයනල් බෝපගේ
15/12/2025 Duración: 09minLankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල සේවය සමඟ පැවත්වූ සාකච්ඡාවේ දෙවන කොටස.
-
මව්බිමෙන් පුවත්: 'ආණ්ඩුව කරන්න ඕන ජනාධිපතිගේ හිත රිද්දන අය හොයන එක නෙවෙයි' - නාමල් / නිදහස් පක්ෂ නව ජාතික සංවිධායක චාමර සම්පත්
15/12/2025 Duración: 08minගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
ත්‍රස්ත ප්‍රහාර අවදානම ගැන නිරන්තර අධ්‍යයනයක නිරතවන බව ඔස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය කියයි
15/12/2025 Duración: 07minබොන්ඩායි වෙඩිතැබීම හේතුවෙන් මේ වනවිට 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. මෙයට එක ළමයකුද ඇතුලත් වනවා. මේ අතර තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති පිරිස 38ක් වන බව වාර්තා වනවා.
-
බොන්ඩායි වෙරළ තීරයේ සමූහ වෙඩි තැබීම සිදු කල පිය පුතු වෙඩික්කරුවන්
15/12/2025 Duración: 02minසිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් ප්‍රජාවේ දහසක් පමණ රැස්ව සිටි හනක්කා ආගමික සැමරුම් උත්සවය ඉලක්ක කර සිදු කල වෙඩි තැබීම වයස අවුරුදු 50 සහ 24 යන වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු විසින් සිදු කල බව පොලිසිය පවසනවා.