Sbs Sinhalese - Sbs

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 27:56:37
  • Mas informaciones

Informações:

Sinopsis

Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .

Episodios

  • SBS සිංහල Newsflash මැයි 26: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් 32000කට පමණ තව දුරටත් බලපෑම්

    26/05/2025 Duración: 04min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 26 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 19 - මැයි 23

    23/05/2025 Duración: 07min

    නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර තත්වය, මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය නිවේදනය කිරීම සහ ලිබරල් සන්ධානයෙන් නැෂනල්ස් පක්ෂය වෙන්වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 19 වනදා සිට මැයි 23 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

  • IPL ඉතිරි තරඟ සඳහා චරිත අසලංක සහ කුසල් මෙන්ඩිස් ඇතුලත් කර ගැනේ: ක්‍රීඩා විග්‍රහය

    23/05/2025 Duración: 09min

    මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

  • SBS සිංහල Newsflash මැයි 23: මැතිවරණයෙන් පසුව ප්‍රථම පාර්ලිමේන්තු සැසි වාරය ජූලි 22 පවත්වන බව අගමැති පවසයි

    23/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 23 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයි

    23/05/2025 Duración: 08min

    ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලියුකේමියාව හෙවත් ලේ පිළිකාවකින් පෙළීමේ අවදානමක් ඇති බව The Leukaemia Foundation පවසනවා. එසේ වුවත්, පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අවම නිසා රෝග නිර්ණය නොකර ගත කරන කාලය ඉතා දිගු බව එම සංවිධානය පවසනවා. 2035 වන විට ලේ පිළිකා විසින් අනෙකුත් පිළිකා අබිබවා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ද ඔවුන් පවසනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

  • ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා වන එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න

    22/05/2025 Duración: 07min

    පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා උනා. 2025 වසරේ මේවන විටත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 63000ක් පමණ ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වී තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෛද්‍යවරුන් ද ඉල්ලා සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදානමක් පවතින මේ කාලයේ ඒ සඳහා වන එන්නත් කරණයේ වැදගත්කම ගැන ඔබට තොරතුරු ගෙන එන්න මේ සාකච්ඡාවෙන් අප බලාපොරොත්තු වනවා.

  • ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ජීවන වියදම ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

    22/05/2025 Duración: 12min

    ඕස්ට්‍රේලියාවේ පැවති අධි උද්ධමනය තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කලා. එම කාල වකවානුවේ ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුනා. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මහබැංකුවේ අපේක්‍ෂිත ඉලක්ක කරා පහත වැටී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් පහතයාමක් දක්නට ලැබෙනවාද? ඕස්ට්‍රේලියාවේ වර්තමාන ජීවන වියදම් ගැටලුව ගැන ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

  • ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න

    22/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියානු වැටුප් වසර ගනනාවක් තිස්සේ එකතැන පල්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ සේවකයින් උද්ධමනය ඉහල යාම සහ ඉහල ජීවන වියදම් අභියෝග වලට වසර කිහිපයක සිට මුහුණ දී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Australia Institute ආයතනයේ විශ්ලේෂණයට අනුව පසුගිය වසර තුන තුළ ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ ජීවන මට්ටම දළ වශයෙන් ඩොලර් 8,000 කින් පමණ පහත වැටී තිබෙනවා. මෙම ආර්ථික පීඩනයත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් ඉල්ලීමට අවශ්‍යතාවය තිබුනත් ඇතැමුන් ඒ පිළිබඳව තම ආයතන ප්‍රධානීන් සමග සාකච්චා කිරීමට මැලිකමක් දක්වනවා. වැටුප් වැඩිවීමක් ගැන තම ආයතන ප්‍රධානියා සමග සංවාදයකට ප්‍රවේශ වීම කියන කාරණයේදී ඒ සඳහා වැදගත් වන කරුණු 6ක් ගැන අවධානය යොමු කරන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වනවා

  • ගාසා වලට අත්‍යවශ්‍ය ආහාර නොලැබුනොත් ළමා ජීවිත 14,000ක් අනතුරේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකරයි: ලොව වටා

    22/05/2025 Duración: 09min

    මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

  • රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම අයදුම්කරුවන්ට බලපෑම් කරන අයුරු: කාලීන විග්‍රහය

    22/05/2025 Duración: 09min

    රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම ඉහළ යමින් පවතිනවා. ඕස්ට්‍රේලියාවේ ආයතන තුනෙන් දෙකක් පමණ ආයතනික බඳවාගැනීම්වලට මෙම තාක්ෂණය භාවිත කරන බවට විශ්වාසයක් පවතිනවා. ඒ සමඟම වෙනස් කොට සැලකීමට ඇති අවදානම් පිළිබඳව ද කතාබහක් ඇති වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

  • SBS සිංහල Newsflash මැයි 22: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තට ඇතිවූ ගංවතුර හේතුවෙන් 50,000කට පමණ බලපෑම් එල්ලවේ

    22/05/2025 Duración: 04min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 22 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • SBS සිංහල Newsflash මැයි 21: බැංකු විසින් පොලී අනුපාත කප්පාදුවේ වාසිය ජනතාවට ලබාදෙන දින වකවානු හෙළිකරයි

    21/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 21 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burns නිසා ජෛව විවිධත්වය ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

    20/05/2025 Duración: 06min

    ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burnings වැනි ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ දැන සිටීම වැදගත් වෙනවා. දේශගුණික වෙනස්වීම් සමඟ ලැව්ගිනිවල ස්වරූප, බලපෑම් සහ ඒවා අවම කරගැනීම පිළිබඳ SBS සිංහල සේවය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ කේප් ඔට්වේ පෙදෙසෙහි වෙසෙන ලැව්ගිනි සම්බන්ද පරිසර විද්‍යාඥයෙකු වන අසිත සමරවික්‍රම සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

  • යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20

    20/05/2025 Duración: 09min

    ඔස්ට්‍රේලියාව තුල එහි යටත් විජිත සමයේ නායකයින් සිහිපත් කිරීම සඳහා වන පිළිරූ විශාල ප්‍රමාණයක් පවතිනවා. යටත් විජිත සමයේ සිදුවීම් සැමරීම සඳහා වන මෙම ප්‍රතිමා ඉදිකර තිබීම සුදුසුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් විවිද මත තිබෙනවා. මේ ප්‍රතිමා විනාශකිරීමට මෙන්ම ඒවා විකෘති කිරීමට කටයුතු කරන මෙල්බර්න් නුවර කණ්ඩායමක අදහස් විමසීමට SBS ආයතනය කටයුතු කළා. තම අනන්‍යතාවය රහසිගතව තබාගනිමින් ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිබඳව ඔවුන් අදහස් දක්වා සිටියා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

  • Mental health conditions related to family violence, domestic violence, separation and divorce - ඔස්ට්‍රේලියාව තුල පවුල් හිංසනය නිසා ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඇති සහන සේවා ගැන දැනුවත් වන්න අත්වැලක්

    20/05/2025 Duración: 08min

    Listen to the SBS Sinhala radio interview with Iresha Kariyawasam, Registered mindfulness and meditation teacher and Registered counsellor in Melbourne talking on the importance of reaching mental health services for those who suffer from family violence. - පවුල් හිංසනයෙන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඔස්ට්‍රේලියාවේදී උදව් ලබා ගන්නා ආකාරය ගැන දැනගන්න, මෙල්බර්න් හි ලියාපදිංචි මනෝ වෛද්‍ය උපදේශිකා ඉරේෂා කාරියවසම් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ මෙම සාකච්ඡාවට සවන්දෙන්න

  • SBS සිංහල Newsflash මැයි 20: නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයහපත් කාලගුණය සහ ගංවතුර ගැන අනතුරු ඇඟවීම්

    20/05/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 20 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

  • How to choose the right tutor for your child - ඔබගේ දරුවාට උපකාරක පන්ති ගුරුවරයෙකුව නිවැරදිව තෝරා ගන්නේ කෙසේද: Australia Explained

    20/05/2025 Duración: 12min

    Tutoring is a booming industry in Australia, with over 80,000 tutors nationwide. Migrant families often spend big on tutoring, seeing education as the key to success. However, choosing the right tutor is essential to ensure a positive experience and real benefits for your child. - උපකාරක පන්ති සේවා යනු ඕස්ට්‍රේලියාවේ මේ වන විට විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතින රැකියා කර්මාන්තයක් වෙනවා. රට පුරා මේ වන විට උපකාරක පන්ති ගුරුවරුන් 80,000කට වඩා සිටිනවා. සංක්‍රමණය වූ පවුල්, සාමාන්‍යයෙන් උපකාරක පන්ති සේවාවලට විශාල වශයෙන් වියදම් කරනවා. නමුත් ඉන් ධනාත්මක ප්‍රතිඵල අත් කරගැනීමට නම්, ඔබගේ දරුවාට නිවැරදි උපකාරක පන්ති ගුරුවරයෙකුව සොයා ගැනීම වැදගත් වනවා. අද ඒ පිළිබඳ Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා.

  • ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙන් සමාජයට පමණක් නොවෙයි තමන්ටත් සැලසෙන වාසි ගැන දැනගනිමු

    19/05/2025 Duración: 10min

    ඕස්ට්‍රේලියාවේ මේ සතියට යෙදී ඇති ජාතික ස්වේච්ඡා සතිය නිමිත්තෙන් ඕස්ටේලියාවේ වෘත්තීය අවස්ථා ලබාගැනීම සඳහා ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙහි ඇති වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සමඟ කතාබහට එක්වූයේ මෙල්බර්න් හි වෘත්තීය සංවර්ධන උපදේශකයෙකු වන පෑන් පෙරේරා සහ Volunteering Australia හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් පියර්ස්

  • යුධ ජයග්‍රහණයේ වාර්ෂික සැමරීමට ජනපති අනුර සහභාගී වන බවට තහවුරු වේ: මවුබිමෙන් පුවත්

    19/05/2025 Duración: 08min

    අද - මැයි මස 19 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

  • දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණීමට අවශ්‍යවන balance of family test පරීක්ෂණය ගැන තොරතුරු මෙන්න

    19/05/2025 Duración: 04min

    ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඇති පිරිස් වල දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා වන වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මෙහිදී පවුලේ අනෙකුත් දරුවන් ජීවත්වන රටවල් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා. එය Balance of family test ලෙස හඳුන්වනවා. මෙහිදී මූලික වශයෙන් parent visa Subclass 103 යටතේ තම දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අවස්තාව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි දරුවන්ට ලැබෙනවා. මීට අමතරව contributory parent, aged parent ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් සඳහා අයදුම් කිරීමටද මෙම balance of family test පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබිය යුතු වනවා. ඒ පිළිබඳව තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

página 9 de 11