Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
මෙල්බර්න් සන්බරි ශ්‍රී ලාංකීය ප්‍රජාවේ පුංචි අවුරුදු උත්සවය
20/04/2026 Duración: 06minඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය ප්‍රජාව ජීවත්වන සෑම ප්‍රාන්තයකම ප්‍රධාන නගර ආශ්‍රිතව මහා පරිමාණ අවුරුදු සැමරුම් අතරේ SBS සිංහල සේවයේ අතිනි අමරසිරි මේ වාර්තාව ගෙන එන්නේ මෙල්බර්න් නගරාසන්නයේ සන්බරි ප්‍රාදේශීය නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධාන කල පුංචි අවුරුදු උත්සවයක් පිළිබඳවයි.
-
අපේ වහරේ කතා අහුරක්: අන්දරේ වරකා කාපු හැටි දන්නවා ද?
20/04/2026 Duración: 05minඅපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ රජගෙදර කවටයා අන්දරේ ගැන ජනප්රවාදයේ එන අපූරු කතාවක්.
-
මව්බිමෙන් පුවත්: ඉන්දීය උප ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය / විශේෂ අවශ්‍යතා සහිතවූවන්ට අවැසි පහසුකම් සහිත බස් රථ සේවාව හෙටින් ඇරඹේ
20/04/2026 Duración: 08minගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය හඳුන්වා දුන් නොමිලේ පොදු ප්‍රවාහන සේවා පහසුකම තවත් මසකින් දීර්ඝ කෙරේ
20/04/2026 Duración: 05minඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: මිනිස්-සුනඛ මිතුදමට වසර 16000ක්, නව පර්යේෂණයකින් හෙළි වෙයි
20/04/2026 Duración: 05minමිනිසාගේ හොඳම මිතුරා වන සුනඛයා සමඟ ඇති මිතුදම අප සිතනවාට වඩා පැරණියි. මානව ශිෂ්ටාචාරය බිහි වීමට වසර දහස් ගණනකට පෙර සිට බල්ලන් මිනිසුන් සමඟ ජීවත් වූ බවට නව පර්යේෂණයක් අනාවරණය කරගෙන තිබෙනවා. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
-
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 13 - අප්‍රේල් 17
17/04/2026 Duración: 07minඅප්‍රේල් 13වන දා සිට 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
-
ගෝල්ඩ් කෝස්ට් නගරයේ ශ්‍රී ලාංකික අපිත් සිංහල අලුත් අවුරුදු සැමරුමට සූදානම් - ප්‍රභාෂ් බෝධිනායක
17/04/2026 Duración: 09minඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සුන්දර වෙරළාසන්න නගරයක් වන ගෝල්ඩ් කෝස්ට් පුරවරයටත් සිංහල අලුත් අවුරුදු අසිරිය එළඹ තිබෙනවා. ගෝල්ඩ් කෝස්ට් ශ්‍රී ලංකා සංසදයේ සභාපති ප්‍රභාෂ් බෝධිනායක මහතා SBS සිංහල සේවය සමඟ එළඹෙන අප්‍රේල් 19 වෙනි ඉරිදා පැවැත්වීමට නියමිත බක් මහ උළෙල අලුත් අවුරුදු උත්සවය පිළිබඳ මෙසේ අදහස් බෙදා ගත්තා.
-
තරුෂි එක්ක තරු කතා: මේ කේෂ්ත්‍රයේ ඉන්න සෑම අතින් පරමාදර්ශී චරිතය කවුද කියලා තව ටිකක් හිතලා බලන්න ඕන - සමනලී ෆොන්සේකා
17/04/2026 Duración: 08minශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
-
උතුරු ක්වීන්ස්ලන්තයේ කෑන්ස් නගරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයට සියල්ල සූදානම් - රොෂාන් කත්තිරි
17/04/2026 Duración: 06minඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු කෙළවරක පිහිටි සුන්දර වෙරළාසන්න කෑන්ස් නගරයේ ශ්‍රී ලංකා සංසදය එළඹෙන අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා සූර්ය මංගල්‍යය වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවය පවත්වන්න සූදානම්. මේ ඒ පිළිබඳ සිංහල සේවයට අදහස් දැක්වීමට එකතු වූ කෑන්ස් ශ්‍රී ලංකා සංසදයේ සභාපති රොෂාන් කත්තිරි මහතා.
-
ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රනින් රිදියෙන් දිනූ පැරා ක්‍රීඩක නුවන් හා ප්‍රදීප් / පාකිස්තාන සුපිරි ලීගය හොල්ලන කුසල් මෙන්ඩිස් / ගවුට් ගවුට් ගෙන් ලෝක වාර්තාවක්
17/04/2026 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ අවුරුදු උත්සවය හෙටයි, අවුරුදු ක්‍රීඩා බොහොමයි
17/04/2026 Duración: 09minවෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකේය සිසු සංසදය විසින් වාර්ෂිකව සංවිධානය කරන අවුරුදු උළෙලේ මෙවර දිගහැරුම හෙට දවසේ, එනම් අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ අදහස් දැක් වූ සංසදයේ සභාපති නිසල් නිමේෂට ඔබත් සවන් දෙන්න. අවුරුදු උත්සවයට එන්න.
-
මව්බිමෙන් පුවත්: බොර තෙල් බැරලයකට ලංකාව ඩොලර් 286 ක් ගෙවපු කතාව / රටම කතා වෙන ලාල් කාන්තගේ වත්කම් බැරකම්
17/04/2026 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 53 කින් වැඩි කරයි
17/04/2026 Duración: 04minඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
වීසා අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා පරීක්ෂා කරමින් තම රජයක් යටතේ ඔස්ට්‍රේලියාවට වීසා ලබාදීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදු කරන බව විපක්ෂ නායක කියයි
16/04/2026 Duración: 08minඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඇන්ගස් ටේලර් තම පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳව හඳුන්වා දීමක් සිදුකලා. මෙහිදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ට විසා ලබා දීමේදී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් සංක්‍රමණ ප්‍රමාණය සීමා කිරීමටත් ඔහු අපේක්ෂා කරන බව පවසා සිටියා. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්රහයට සවන් දෙන්න.
-
'අවුරුදු 20ක ඉඳන් හැම අවුරුද්දෙම අපි එනවා' - 2026 මෙල්බර්න් බක්මහ උළෙල ගැන සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස්
16/04/2026 Duración: 09minතිස් වෙනි වරට පැවැත් වූ මෙල්බර්න් මෙවර බක්මහ උළෙල 2026 ගැන මෙයට සහභාගීවූවන් SBS සිංහලට දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
-
33 වෙනි වරට පැවැත්වෙන බ්‍රිස්බේන් බක් මහ උළෙලට සියල්ල සූදානම් - චානක අබේසිංහ
16/04/2026 Duración: 07minක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය 33 වෙනි වරටත් සංවිධාන කරන බ්‍රිස්බේන් බක් මහ උළෙල සිංහල අලුත් අවුරුදු උත්සවය එළඹෙන සතිඅන්තයේ අප්‍රේල් 18 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ක්වින්ස්ලන්ත සිංහල සංවිධානයේ සභාපති චානක අබේසිංහ මහතා.
-
අපේ වහරේ කතා අහුරක්: වෙස් වලාගෙන රටතොට විස්තර හොයන්න ගිය රාසිං රජ්ජුරුවන්ට ගොවියා දුන්න අපූරු උපදෙස
16/04/2026 Duración: 07minඅපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ දෙවැනි රාජසිංහ රජතුමා ගැන ජනප්රවාදයේ එන අපූරු කතාවක්.
-
ඕස්ට්‍රේලියාවේ තිබෙන ආර්ථික පීඩනය ගැන සිඩ්නි ලාංකික ව්‍යාපාරික ප්‍රජාව SBS සිංහල සේවයට කියූ දෑ
16/04/2026 Duración: 07minලොව පුරා සහ ඕස්ට්‍රේලියාවේ මේ වනවිට තිබෙන ආර්ථික පීඩනය තම ව්‍යාපාර කටයුතු සඳහා බලපාන අයුරු ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වෙසෙන ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සමග SBS සිංහල සේවය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න
-
ලොව වටා: ඉන්දියාවේ මිලියන 1400ක ජන සංගණනය ඇරඹෙයි, ඉදිරි ඉරාන සාකච්චා සාර්ථක වේ යැයි ට්‍රම්ප් ඉඟි කරයි
16/04/2026 Duración: 10minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
SBS සිංහල පුවත්: ජිලොන්ග් තෙල් පිරිපහදුවක විශාල ගින්නක්
16/04/2026 Duración: 04minඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.