Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් ලංකාවේ ත්‍රිරෝද 800 ට වඩා හසුරුවන Tom Cornish ගේ කතාව
09/02/2026 Duración: 09minදිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන සේවා කටයුතු වල ස්වේච්ඡාවෙන් නිරත වූ ඕස්ට්‍රේලියානු ජාතික තරුණ ව්‍යවසායකයෙක් වන Thomas Cornish සමඟ SBS සිංහල සේවය කළ කතාබහක් ඇසුරෙන් ගෙනෙන විශේෂාංගය.
-
මව්බිමෙන් පුවත්: මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට දෙමළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය / ටිල්වින් හා ජයශංකර් අතර හමුවක්
09/02/2026 Duración: 08minගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂය සහ නැෂනල්ස් පක්ෂය නැවත එක් වෙයි
09/02/2026 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: සියවැනි උපන්දිනය සමරන රූපවාහිනි යන්ත්‍රයේ කතාන්දරය
08/02/2026 Duración: 07minරූපවාහිනිය සොයා ගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ් නම් ස්කොට්ලන්ත ජාතික මහත්මයෙකු බව අපි පාසල් යන කාලේ දී ඉගෙන ගත්තා. ඒ නිපදවීමට අවුරුදු 100ක් ගත වෙලා. අද ඔබේ ආලින්දයේ තිබෙන විවිධ මාදිලිවලට අයත් රූපවාහිනී යන්ත්‍ර සියවසකට පෙර ජෝන් ලොගී බෙයාර්ඩ් හැඳින්වූයේ ටෙලිවයිසර් යන නමින්. පළමු වරට මේ තිරයේ පෙන්වා තියෙන්නේ බෝනික්කෙකුගේ හිසක්. නූතන රූපවාහිනී තිරයක ඇති සුපැහැදිලි දසුනක් විදියට නම් නෙවෙයි මේ බෝනික්කව පෙනිලා තියෙන්නේ. කොහොම නමුත් මෙතැනයි ආරම්භය. ඒ ගැනයි අද කාලීන විග්‍රහය.
-
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 02 - පෙබ 06
06/02/2026 Duración: 05minපෙබරවාරි 02වන දා සිට පෙබරවාරි 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
-
තරුෂි එක්ක තරු කතා: සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු නිසා මේ චිත්‍රපටයට වැඩි බරක් තියෙනවා - චමින්ද ජයසූරිය
06/02/2026 Duración: 07minශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
-
සුව මනස: ශරීර සෞඛ්‍යය වගේම ඇයි අපි මානසික සෞඛ්‍යයත් යහපත් මට්ටමේ තියෙනවා ද කියලා දැන ගන්න ඕන?
06/02/2026 Duración: 05minයහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍යය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මානසික සෞඛ්‍යය බිඳවැටීමක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.
-
ක්‍රීඩා විග්‍රහය: ජනපති NCC ක්‍රීඩාංගණයට ගොස් T20 ලෝක කුසලාන පුහුණුවීම් වල නිරත ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරයි
06/02/2026 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
මව්බිමෙන් පුවත්: පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් / ශ්‍රී ලංකාවේ පළමු විගණාකාධිපතිනිය පත් වේ
06/02/2026 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල පුවත්: ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද ඓතිහාසික ආරක්ෂක ගිවිසුමත් අත්සන් තැබේ
06/02/2026 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
Public transport in Australia: breaking down the basics - ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද?
05/02/2026 Duración: 10minLike in most countries, public transport in Australia is the cheapest way to get around. It includes trams, buses, trains and ferry services. And each state or territory has its own transport network. However, navigating Australia’s public transport system with ease requires knowing the basics around how it works and what to expect. - ලෝකයේ බොහෝමයක් රටවල් වල වගේම ගමන් බිමන් යාම සඳහා ඔස්ට්‍රේලියාවේත් ලාභ දායීම ක්‍රමය පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමයි. දුම්රිය භාවිතාව, ට්රෑම්ව, බස් වගේම ඇතැම් නගරවල ෆෙරී හෝ බෝට්ටු භාවිතාවද පොදු ප්‍රවාහන සේවයට ඇතුලත් වෙනවා. කොහොම උනත් ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ඔබ දැනගතයුතු විවිධ කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්න අද විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයෙකු ඔබෙන් ප්‍රවේශපත්‍රය විමසූ විට ඔබ කටයුතු කල යුතු ආකාරය වගේම පොදු ප්‍රවාහන සේවා තුල අනුමත නොකරන පුද්ගල හැසිරීම් වැනි දෑ ගැනත් මේ 'Australia Explained' විශේෂාංගයට සවන් දෙන්න
-
ශ්‍රී ලංකාවෙන් එපිට පළමු වරට නිදහස් දිනය ගත කළ ANU ශ්‍රී ලාංකික සිසු සංසදයේ සභාපතිනිය, පහන්දි සිල්වා
05/02/2026 Duración: 05minඊයේ දිනයේ ශ්‍රී ලංකාව සිය 78වන නිදහස් දිනය සැමරුවා. ඊට සමගාමීව ඕස්ට්‍රේලියාවෙන් එපිට නිදහස් දිනය පළමු වරට ගත කළ ශිෂ්‍යයාවක වන පහන්දි සිල්වා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමඟ බෙදාගත්තා. විවිධ සංස්කෘතිකාංග බහුසංස්කෘතික සමාජයක් තුළ සැමරීම පිළිබඳව ද ඇය සිය අදහස් පළ කළා.
-
අපේ වහරේ කතා අහුරක්: කොළඹ ඉඳන් දවස් ගණන් පරංගින්ව කෝට්ටේ එක්කන් ගිය හැටි
05/02/2026 Duración: 05minඅපේ පැරැණ්නෝ දවස් ගාණක් කොළඹ ඉදලා කොට්ටේ ට පරංගි එක්කන් ගිහින් මේ අවුරුද්දට අවුරුදු 424 ක් විතර වෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් අද කියන්නේ පරංගි ගිය ඒ කෝට්ටේ ගමන ගැන.
-
ලොව වටා: Air India සේවය Boeing 787 ගුවන් යානා පරීක්ෂා කරද්දී, Melania Trumpගේ ජීවිතය ගැන චිත්‍රපටියක් එලියට
05/02/2026 Duración: 08minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
SBS සිංහල පුවත්: Capital Gains Tax ක්‍රමයට අදාළ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්‍යවරිය කියයි
04/02/2026 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 05වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: සමාජ මාධ්‍ය නොමැතිව නිවාඩුව ගත කළ ඕස්ට්‍රේලියානු පාසල් දරුවෝ
04/02/2026 Duración: 06minපසුගිය දෙසැම්බර් 10වන දා සිට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට සමාජ මාධ්‍ය තහනම් වූ බව ඔබ දන්නවා. මෙවැනි තහනමක් පැන වූ පළමූ රට ඕස්ට්‍රේලියාවයි. නව නීතිය බලාත්මක කර මාසයකට වැඩි කාලයක් ගත වෙලා. එහි ඵලදායිතාව පිළිබඳ රජය, සමාජ මාධ්‍ය විෂය ක්ෂේත්රයේ විශේෂඥයන් සහ තරුණ ප්‍රජාව අතර විවිධ මත තිබෙනවා. ඉතින් සමාජ මාධ්‍යයන්ගෙන් ඈත් වෙලා පාසල් නිවාඩු කාලයේ ඕස්ට්‍රේලියාවේ දරුවන් තමන්ගේ අමතර කාලය ගත කළේ කොහොම ද? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
-
නිවාස ණය පොලි අනුපාත ඉහල යාම මේ වසරේ නැවතත් සිදුවිය හැකි බවට විශේෂඥයින් මත පල කරයි
04/02/2026 Duración: 08minවසර දෙකකට පසුව ඕස්ට්‍රේලියානු මහබැංකුව ඕස්ට්‍රේලියාවේ පොලි අනුපාත ඉහල දමන්න කටයුතු කළා. ඒ අනුව 3.6%ක පැවති පොලී අනුපාතය 3.85%දක්වා ඉහල දමා තිබෙනවා. මේ ඉහල යාම ඍජුවම නිවාස ණය පොලී ඉහල යාමට බලපානු ඇති බවට මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පොලි අනුපාත ඉහල යන චක්‍රයක් ආරම්භ වූ විට අනුපාත ඉහල යාම් කිහිපයක් සඳහාම එය බලපාන බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්රහයට සවන් දෙන්න.
-
SBS සිංහල පුවත්: පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ
04/02/2026 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
1948 ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස් කරගන්න, අභීත හෙළයින් කළ නිදහස් අරගලයේ ඉතිහාසය
03/02/2026 Duración: 13minශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ලක්දිව නිදහස සොයා ගිය ඉතිහාස ගමනේ අමරණීය මංසලකුණු ගැන SBS සිංහල සේවයේ මතක සැමරුම.
-
ඕස්ට්‍රේලියානු මහ බැංකුව වසර දෙකකට පසු පොලී අනුපාතය සියයට 3.85 දක්වා වැඩි කරයි
03/02/2026 Duración: 02minඩොලර් 600,000 ක ණයක් සහිත හිමිකරු-පදිංචිකරු වන නිවාසයක අවම මාසික ණය වාරිකය ඒ අනුව ඩොලර් 90 කින් වැඩි වනු ඇතැයි පුරෝකතනය කෙරේ.