Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
සහන සේවා සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්
01/12/2025 Duración: 09minදිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට විපතට පත්ව සිටින්නන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණ හදිසි සේවා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
-
කාලීන විග්‍රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී
01/12/2025 Duración: 08minඕස්ට්‍රේලියාවේ පොලිඅනුපාත යම් පමණකට ස්ථාවර වීමක් දක්නට ලබුනත් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිල ගණන් තවදුරටත් ඉහල මට්ටමක පවතින බව අපට දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහොමයක් ප්‍රධාන නගර වල ජීවත්වන ජනතාව තම ආදායමෙන් තුනෙන් එකක් පමණ නිවාස කුලී සඳහා වෙන්කරන බවද වාර්තා වනවා. මෙහි බරපතලම තත්වය වාර්තා වෙන්නේ පර්ත් නුවරින්. පවතින මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන් තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
මව්බිමෙන් පුවත් දෙසැ 01: අවදානම් තත්ත්වය තවදුරටත් - දිස්ත්‍රික්ක 7 ට රතු නිවේදන
01/12/2025 Duración: 10minදිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන විශේෂ ‘මව්බිමෙන් පුවත්’ ප්‍රකාශය.
-
SBS සිංහල Newsflash දෙසැ 01: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 334 දක්වා ඉහළට
01/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: නළ දරු උපත් උදෙසා ඩිම්බ පරිත්‍යාග කිරීමට අදාළ ඕස්ට්‍රේලියානු නීතිරීති වෙනස් කිරීමට යෝජනා
30/11/2025 Duración: 08minඩිම්බ පරිත්‍යාගවලට ඇති ඉල්ලුම ඕස්ට්‍රේලියාවේ ඉහල ගොස් තිබෙනවා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකු සරුභාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින නිසා. කෙසේ වෙතත් මේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණවත් ඩිම්බ දායකයන් ඇත්තේ නැහැ. මේ හිඟය නිසා ඔස්ට්‍රේලියාව ඩිම්බ දානය සම්බන්ධයෙන් ඇති නීතිරීති වෙනස් කළ යුතු යැයි විශේෂඥයන් පවසනවා. අද කාලීන විග්‍රහයේ අවධායන ඒ පිළිබඳවයි.
-
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 24 - නොවැ 28
28/11/2025 Duración: 06minනොවැම්බර් 24වන දා සිට නොවැම්බර් 28වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
-
තරුෂි එක්ක තරු කතා: සහන් රන්වලට පෙම්වතිය බලන්න යනවා වගේ දැනෙන දේ දන්නවා ද?
28/11/2025 Duración: 09minශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
-
ක්‍රීඩා විග්‍රහය - 2030 Commonwealth Games සත්කාරකත්වය අහමදාබාද් නුවර ට
28/11/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
මව්බිමෙන් පුවත්: කැලඹුණු කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 ට පීඩා / ආපදා තත්ත්වයට මුහුණ දීමට ජනපති අගමැති විපක්ෂ නායක රැස් වේ
28/11/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash නොවැ 28: කැන්බරා, හෝබාර්ට් සහ මිල්දුරා හි QantasLink මධ්‍යස්ථාන වසා දැමෙයි
28/11/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 28 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: Uber Eats, DoorDash වැනි ආයතන වල ආහාර බෙදාහැරීම් කරන රියදුරන්ට වැටුප් වැඩිවීමක්
27/11/2025 Duración: 09minUber Eats සහ DoorDash වැනි ආහාර බෙදා හැරීමේ සේවා සපයන ආයතනවල ආහාර බෙදා හැරීමේ කටයුතු සිදු කරන ඕස්ට්‍රේලියාවේ සේවකයින්ට විශාල වශයෙන් වැදගත් වන යෝජනාවලියක් Fairwork කොමිසමට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවුනා.
-
වයස්ගත ප්‍රජාව අතර වැටීම් හෙවත් Elderly Falls සංකූලතා මාලාවකට හේතු වන තත්ත්වයක් වන්නේ මේ නිසයි
27/11/2025 Duración: 10minඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා වැටීමකට ලක් වනවා. වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. වැටීම්වලට හේතු සහ එහි සංකූලතා පිළිබඳව සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.
-
ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකේය ව්‍යාපාරිකයන්ට Lankan Fest ලොකු අවස්ථාවක් උදා කරනවා - ව්‍යාපාරික ප්‍රජාවේ අදහස්
27/11/2025 Duración: 05minමෙල්බර්න්හි ව්‍යාපාරික උපදේශක ඩෑන් ද සිල්වා සහ අහාරපාන නිෂ්පාදන කේෂ්ත්‍රයේ නිරත ඉෂානි කලටුවගේ සහ අරෝෂ පෙරේරා Lankan Fest උදා කල ව්‍යාපාරික අවස්ථාව පිළිබඳ දැක්වූ අදහස්.
-
අපේ වහරේ කතා අහුරක්: මේක හතර බීරි කතාවක්!
27/11/2025 Duración: 06minදොම්පෙ ට යන පාර අහන්න ගිය තරුණයෙකුට සිද්ධ වුණු මේ රසවත් කතාව අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.
-
'ලොව වටා': යුක්‍රේන රුසියා ගැටුම නවතන්න ට්‍රම්ප් පියවර ගද්දී මෙක්සිකෝ රූ රැජින අපහාස මැද විශ්ව රූ රැජින වෙයි
27/11/2025 Duración: 08minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash නොවැ 27: කුණාටුව හමුවේ නිව් සවුත් වේල්ස් වැසියන් දස දහස් ගණනකට විදුලි සැපයුම ඇණ හිටියි
27/11/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 27වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
-
SBS සිංහල Newsflash නොවැ 26: පළමු වර්ගයේ දියවැඩියාව තමන්ට ඇති බව නොදැන සිටින ඕස්ට්‍රේලියානුවන් ගැන වාර්තාවක්
26/11/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් නොදැනුවත්වම අපරාධ ජාල වලට සම්බන්ධ වෙන වංචා ගැන අනතුරු ඇඟවීම්
25/11/2025 Duración: 09minඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර සිසුන්ට තම බැංකු ගිණුම් සහ හැඳුනුම්පත් අපරාධකරුවන්ට අලෙවි නොකරන ලෙස හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේවා අලෙවි කිරීමෙන් ලැබෙන 'quick cash' පිළිගැනීමෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර සිසුන් නිරායාසයෙන්ම අපරාධ ජාල සමඟ සම්බන්ධ වන බවත් ඔවුන් කියා සිටිනවා. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.
-
SBS සිංහල Newsflash නොවැ 25: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණේ
25/11/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 25 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
How to plan for your child’s financial future in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාගේ අනාගතය මූල්‍යමය ලෙස ශක්තිමත්ව සැලසුම් කරන්නේ කෙසේද
24/11/2025 Duración: 11minFinancial planning can feel stressful for any parent. When it comes to saving for your child’s future, knowing your options helps make informed decisions. And teaching your kid healthy money habits can be part of the process. - ඕස්ට්‍රේලියාවේ දෙමාපියන් අවධානය යොමු කල යුතු මූල්‍ය සැලසුම්කරණයේ මූලික කරුණු සහ ඔබේ දරුවන්ට මූල්‍ය සාක්ෂරතාවය ඉගැන්වීම ඔවුන්ගේ අනාගතයට වැදගත් වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.