Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
සංක්රමණිකයින්ගේ කුසලතා විදේශයන්හිදීම හඳුනාගන්න ඕස්ට්‍රේලියානු රජයේ අවධානය : කාලීන විග්‍රහය
23/10/2025 Duración: 07minඕස්ට්‍රේලියානු රජය විසින් කුසලතා සහිත සංක්‍රමණිකයින් කුසලතාවයන් විදේශයන්හි සිටියදීම සොයා ගැනීමේ හැකියාව පිළිබඳව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන කුසලතා සහිත සංක්‍රමණිකයින් සඳහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මෙය උපකාරී වන බව ඔහු කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
-
ඕස්ට්‍රේලියාවේ තියෙන විවිධත්වයට මම හරිම කැමතියි - කෑන්ස් හි දී අපට හමුවූ සේපාලි කුමාරගේ
23/10/2025 Duración: 08minදීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ සේපාලි කුමාරගේ මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
-
'ලොව වටා': හතරදෙනෙක් මිනිත්තු හතකදී දුන්න සුද්දෙන් ප්‍රංශ ලූවර් කෞතුකාගාරයට මිලියන 100 ට වැඩි පාඩුවක්
23/10/2025 Duración: 08minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash ඔක් 23: ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු
23/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 23වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
SBS සිංහල Newsflash ඔක් 22: මෙල්බර්න් විරෝධතා තහනම් කරන ලෙසට කල ඉල්ලීම වික්ටෝරියානු අගමැතිනිය ඉවත දමයි
22/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ට උපකාර කරන්න නව මාර්ගෝපදේශ මාලාවක් : කාලීන විග්‍රහය
21/10/2025 Duración: 11minඩිමෙන්ශියා රෝග තත්වය ඕස්ට්‍රේලියාවේ මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස නම් කොට තිබෙනවා. මේ හේතුවෙන් වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානවල සිටින ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන පිරිස සඳහා වන ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට නව මාර්ගෝපදේශ මේ වනවිට හඳුන්වා දී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
-
ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා SBS සිංහලට කියුදේ
21/10/2025 Duración: 11minඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා සමග SBS සිංහලට සේවය පැවැත්වූ පිලිසඳරේදී සංක්‍රමණිකයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ සිනමාපට අධ්‍යක්ෂකවරයකු වීම දක්වා වන ඔහුගේ ගමන් මග ගැන හර්මන් පෙරේරා අපත් සමග දොඩමලු උනා.
-
SBS සිංහල Newsflash ඔක් 21: දුර්ලභ ඛණිජ සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එකඟ වෙයි
20/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 21වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
සංස්කෘතීන් එකතු කළ හදවත් වල බැඳීම - කැන්බරා අගනුවරින් ඇසෙන සුවිශේෂී දීපාවලී සැමරුමක කතාව
20/10/2025 Duración: 08minඅද දීපාවලී සැමරුම් දිනයයි. ශ්‍රී ලාංකීය දෙමළ ප්රජාවත් ඇතුලත්ව ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් හරසරින් මේ උත්සවය සමරනවා. ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිලූකා ප්‍රිශානි රොබින්ද්‍රන් සහ ඇගේ පවුලේ අයට මේ සැමරුම සුවිශේෂයි. මේ කතාබහ ඒ පිළිබඳවයි.
-
මව්බිමෙන් පුවත් - ඔක් 20: මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ගණන ලක්ෂ 18 ඉක්මවයි, වැඩිම පිරිස ඉන්දියාවෙන්
20/10/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
-
අඳුරෙන් එලියට යාම තේමා කරගත් දීපවාලී උත්සවය අද: කාලීන විග්‍රහය
20/10/2025 Duración: 05minදිවාලි එහෙම නැතිනම් දීපවාලී කියලා ලංකාවේ අපි හඳුන්වන මේ උත්සවය ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාතිකයින් සමරන විශාලතම උත්සවය ලෙස සැලකෙනවා. අඳුරෙන් එලියට ගමන් කිරීම තේමා කරගෙන මෙම උත්සවය පවත්වනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව ඇතුළුව ලොවපුරා බිලියනයකට අධික පිරිසක් දීපවාලී උත්සවය සමරනවා. SBS පන්ජාබි චැනලයේ සහයෝගයද ඇතිව දිවාලි එහෙම නැතිනම් දීපවාලි උත්සවය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
SBS සිංහල Newsflash ඔක් 20: සංක්‍රමණ විරෝධී සහ ඊට ප්රතිපක්ෂ කණ්ඩායම් ප්‍රධාන නගරාශ්‍රිතව විරෝධතාවල
19/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 13 - ඔක් 17
17/10/2025 Duración: 07minඔක්තෝම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 17 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
-
මව්බිමෙන් පුවත් - ඔක් 17: අපරාධ වලට අනුබල දෙන රාජ්‍ය ආයතන ක්‍රමය අපි බිඳිනවා - ජනපති අනුර
17/10/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
-
‘ක්‍රීඩා විග්‍රහය’ – ‘සංගම් ඇතුලෙ ගේම් ගහන්න අපි ඉඩදෙන්නෙ නෑ’ - ක්‍රීඩා ඇමති සුනිල් කුමාර
17/10/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
ස්වාභාවික ගබ්සා වීම් හෙවත් Miscarriages පිළිබඳ දැනුවත් කිරීම උදෙසා ජාතික තලයේ ප්රයත්නයක්: කාලීන විග්‍රහය
17/10/2025 Duración: 09minස්වාභාවික ගබ්සා වීම් හෙවත් miscarriage පිළිබඳ තොරතුරු රැගත් ජාතික තලයේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නව වාර්තාවක් යෝජනා කරනවා. මෙවැනි අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ම ස්වදේශික කාන්තාවන් සහ ග්‍රාමීය පෙදෙස්වල ජීවත් වන ජනතාවට උපකාර කිරීමට ප්‍රමුඛත්වය හිමි වනවා. මැයි මාසයේ දී රජය විසින් ස්වාභාවික ගබ්සා වීම් පිළිබඳ දැනුවත් කිරීමට සහ අදාළ පාර්ශ්ව වෙත සහාය දැක්වීම උදෙසා ඩොලර් මිලියන 9.5ක මූල්‍ය සැලසුමක් නිවේදනය කළා. මේ වාර්තාව එළි දැක්වුණේ ඉන් පසුවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි.
-
SBS සිංහල Newsflash ඔක් 17: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී ඉහල යයි
16/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
සිංහල කලා ශිල්ප දරුවන්ට දායද කරන කෑන්ස් හි හෙළ නැටුම් ගුරුතුමා - බුද්ධික නාඔටුන්න
16/10/2025 Duración: 09minදීපවාලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සම්ප්‍රදායික නර්තන විද්‍යායතනයේ (Sri Lankan Traditional Dance Academy Cairns) ප්‍රධාන නර්තනාචාර්ය බුද්ධික නාඔටුන්න මහතා සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
-
'ලොව වටා': ඉරානයෙන් ගෑස් ගත් ලංකාවේ 'ලාෆ්ස්' සමාගමකට ඇමෙරිකාව ගෑස් පෙන්වයි
16/10/2025 Duración: 09minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
‘කාලීන විග්‍රහය’ - ආහාර විෂවීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා ගැන අවධානය යොමුකරන ලෙසට විශේෂඥන් ඉල්ලයි
16/10/2025 Duración: 08minවසන්ත කාලයේ උදාවත් සමග ආහාර ආශ්‍රිතව ඇති විය හැකි ආසාත්මිකතා පිළිබඳව දැනුවත් වන ලෙසට විශේෂඥන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ශීතකරණ තුල හෝ ඔබේ මුළුතැන්ගෙයි කලක් පුරා අසුරා තැබූ ආහාර පාන වර්ග හොඳින් පරීක්ෂා කරන ලෙසට ඔවුන් දැනුම් දෙනවා.