Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
How you can work as an engineer in Australia: accreditation, jobs and networking - ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාව කරන්නේ කෙසේද: Australia Explained
16/10/2025 Duración: 06minAustralia faces an engineering shortage, yet many migrant engineers are underemployed. Learn about qualification recognition, job search tips, CV advice, and networking strategies. - ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉංජිනේරු වුත්තිකයින්ගේ හිඟයකට මුහුණ දී සිටියත්, බොහෝ සංක්‍රමණික ඉංජිනේරුවන් රැකියා විරහිතව සිටින බව වාර්තා වේ. සුදුසුකම් හඳුනා ගැනීම, රැකියා සෙවීමේ උපදෙස්, CV සඳහා වන උපදෙස් සහ networking උපාය මාර්ග ගැන ඉගෙන ගැනීම මේ හේතුවෙන් වැදගත් වේ.
-
SBS සිංහල Newsflash ඔක් 16: කුලී නිවැසියන් වෙනුවෙන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක්
15/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 16වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
ලාංකික පසුබිමක් සහිත 'Stand-up Comedian' කෙනෙකු ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වන සාශි පෙරේරා SBS සිංහලට කියුදේ
15/10/2025 Duración: 11minසාශී පෙරේරා ඕස්ට්‍රේලියානු 'Stand-up Comedy' ක්ෂේත්රයේ නැගී එන තරුවක් වන අතර, සංස්කෘතික වෙනස්කම් සහ සංක්‍රමණික අත්දැකීම් වැනි මාතෘකා පිලිබඳ ඇය සිදුකරන ප්‍රහසනය සඳහා ඇය ප්‍රසිද්ධියක් උසුලනවා. මෙල්බර්න් නුවර පැවැත්වෙන උළෙලවල් මෙන්ම යුරෝපයේ පැවැත්වෙන උළෙලවල් සඳහාද ඇය සහභාගී වනවා. මෙහිදී ඇයව විශාල අගයීමකටද ලක්වෙනවා. වෘත්තියෙන් නීතිඥවරියක වූ ඇය මේ වනවිට පූර්ණකාලීනව 'Stand-up Comedian' කෙනෙකු ලෙස කටයුතු කරනවා. ලංකාවේ ඉපදුනු ඇය අදවන විට ජාත්‍යන්තරය ජයගනිමින් සිටිනවා. මේ ගමන් මග ගැන සහ අයගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
-
SBS සිංහල Newsflash ඔක් 15: ඔස්ට්‍රේලියානු දේශපාලකයින් රැසකගේ පුද්ගලික දුරකථන අංක ගැන තොරතුරු සොරා ගනී
15/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 15වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
සිංහල බස හා සංස්කෘතිය අපේ දරුවන්ට උගන්වන කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසල
14/10/2025 Duración: 10minදීපවාලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසලේ (Sri Lankan Ethnic School Cairns) විදුහල්පතිනි චාමලී වල්ගම්පාය මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
-
‘කාලීන විග්‍රහය’ - ප්‍රියා බිළිඳියගේ මරණය ඕස්ට්‍රේලියා තුල අලුත් නීති සම්පාදනයට මඟ පෑ ආකාරය
14/10/2025 Duración: 08minසති හයක් වයසැති ප්‍රියා නම් බිළිඳිය මිය ගොස් දින පහකට පසු ඇගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි ඇගේ මවට කළින් අනුමතව තිබූ වැටුප් සහිත දෙමාපිය නිවාඩු අවලංගු කිරීමට ඇගේ වසර 11ක සේවා යෝජකයා ගත් තීරණය සමස්ත ඕස්ට්‍රේලියාව තුලම දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.
-
SBS සිංහල Newsflash ඔක් 14: අපරාධ මැඩලීමට වික්ටෝරියානු පොලිසියේ වෙනස්කම් රැසක්
13/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 14වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
කොච්චර උත්සහ කලත් බරයි මහතයි වැඩි වෙනවෙනවා නම් ඔබ ඉක්මනින්ම කල යුතු දේ මෙන්න
13/10/2025 Duración: 07minසෞඛ්‍යසම්පන්න අහාර වේලවල් උත්සහ කලත් නිසි ශරීර සුවතා වැඩසටහන් පිලිපැද්දත් ශරීරයේ බර වැඩි වීම පිළිබඳව කනස්සල්ලෙන් සිටින කාන්තාවන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චා මාලාවේ දෙවන සාකච්චාවට සවන් දෙන්න
-
එකමුතුකමින් අභියෝග වලට අභියෝග කරන කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදය
13/10/2025 Duración: 17minදීපවාලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදයේ (Sri Lankan Society Cairns) නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
-
මව්බිමෙන් පුවත් - හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය චීනයේ නිල සංචාරයක
13/10/2025 Duración: 10minගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය
-
ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාවේ ගැටළු ගැන සමීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළිකරයි: කාලීන විග්‍රහය
13/10/2025 Duración: 07minවිශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළයුතුව ඇති ඇතැම් රෝග සඳහා සාමාන්‍ය පවුලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන බව The Health of the Nation industry සමීක්ෂණයෙන් හෙළිවෙලා වෙලා තියෙනවා. මේ සඳහා පවුලේ වෛද්‍ය වරුන් 2500ක් සහභාගී වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ජාතිවාදී ගැටලුවලටද මෙහිදී මුහුණ දෙන බව හෙළිවෙලා තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
SBS සිංහල Newsflash ඔක් 13: වන්දි ලබා දෙන බවට කෙරෙන වංචාවක් පිළිබඳ Qantas පාරිභෝගිකයන් වෙත අනතුරු ඇඟවීමක්
13/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 13වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 06 - ඔක් 10
10/10/2025 Duración: 07minඔක්තෝම්බර් 06 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
-
ක්‍රීඩා විග්‍රහය: බෙත් මූනිගේ ශතකයත් සමඟ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ දස්කම් දක්වයි
10/10/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
'ලොව වටා': ඇෆ්ගනිස්තානු ජනතාවට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කරන්න තලේබාන් සංවිධානය තීරණය කරයි
10/10/2025 Duración: 10minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
මව්බිමෙන් පුවත් - ඔක් 10: පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් වෙන්න දෙන්න බෑ - විපක්ෂ නායක සජිත් කියයි
10/10/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න
-
SBS සිංහල Newsflash ඔක් 10: ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමක්
10/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 10වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය
10/10/2025 Duración: 08minපුරුෂයන් අතර තනිකම අර්බුදයක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා. එය ඉහළ යන ස්වභාවයක් පෙනී යන බව පැවසෙනවා. මෙලෙස සමාජයීය වශයෙන් තනි වීම පිරිමි පාර්ශ්වයේ මානසික සෞඛ්‍යයට පමණක් නොව සමස්ත යහපැවැත්මට ම බලපෑමක් කළ හැකි වනවා. එපමණක් නොව, මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. තනිකම සමඟ පුරුෂයන් මෙතරම් පීඩා විඳීමේ ප්රශ්නය සම්බන්ධයෙන් මෑතකාලීන අධ්‍යනයක් සිදු කර තිබෙනවා. අද කාලීන විග්රහයේ අවධානය ඒ පිළිබඳවයි.
-
ඔස්ට්‍රේලියාවේ පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු මෙන්න
09/10/2025 Duración: 11minශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල විනය කඩකරන සිසුන්ට දඬුවම් දීමට එරෙහිව නව නීති ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති උනා. ඉතින් ඔස්ට්‍රේලියාව වගේ රටක පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු සොයා බලන්න මේ හොඳම වෙලාව කියලා SBS සිංහල සේවයේ අපි හිතුවා. කායික මානසික වශයෙන් පීඩා නොවන අයුරින් දරුවන්ගේ විනය පවත්වාගැනීමට ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවද යන්න ගැන මේ සාකච්චාවෙන් සොයා බලන්න අපි බලාපොරොත්තු වනවා.
-
SBS සිංහල Newsflash ඔක් 09: නව නිවාස ණය ක්‍රමය නිසා කුලී නිවාස ඉල්ලුම අවම වන බවට විශ්ලේෂක මතයක්
09/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 09වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න