Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
ක්‍රීඩා විග්‍රහය – ‘මගේ ඊළඟ ඉලක්කය මව්බිමට ඔලිම්පික් පදක්කමක් දිනා දෙන එක’ - සෆියා යමික්
31/10/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
SBS සිංහල Newsflash ඔක් 31: සමීපතමයන් නිසා ජීවිත අහිමිවන කාන්තාවන්ගේ ඉහළ යාමක් - නවතම වාර්තාවක් හෙළි කරයි
31/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
කාලීන විග්‍රහය: බහුසංස්කෘතික ප්‍රජාවට ඕස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි
30/10/2025 Duración: 06minSBS සහ University of Canberra එකට එක්ව කළ නව වාර්තාවකින් 2023 වසර හා සැසඳීමේ දී බහුසංස්කෘතික ප්‍රජාවට තමන් ඕස්ට්‍රේලියානු ජන සමාජයට අයත් යන හැඟීම පෙරට වඩා ශක්තිමත් වී ඇති බව සොයා ගෙන තිබෙනවා. මෙම ප්‍රජා කණ්ඩායම් අතර ජන සහභාගිත්වය වැඩි කරන කරුණු දෙස වාර්තාව අවධානය යොමු කර ඇති අතර මෙලෙස ඕස්ට්‍රේලියානු ජන සමාජයට තමා අයත් යන හැඟීම වයස් භේදය අනුව වෙනස් වන ආකාරය පිළිබඳ ගවේෂණය කර තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි.
-
ලොව වටා: සටන් විරාම මධ්‍යයේ ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර
30/10/2025 Duración: 10minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash ඔක් 30: ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
30/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
SBS සිංහල Newsflash ඔක් 29: ඕස්ට්‍රේලියාවෙන් නාවුරු වෙත පිටුවහල් කළ පළමුවැන්නා එම දිවයිනට
29/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 29වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ලෝකයේම අවධානය මෙවර ආසියාන් සමුළුවට යොමු වුණේ ඇයි?
28/10/2025 Duración: 08minවෙළඳ සහ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බලවත් සහ තීරණාත්මක ගිවිසුම් කිහිපයක් අත්සන් තැබුණු මෙවර ආසියාන් සමුළුවේ දී පළමු වරට නැගෙනහිර ටිමෝර් රාජ්‍ය සිය 11 වන සාමාජිකයා ලෙස පිළිගැනීම සුවිශේෂී සිදුවිමක්. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මෙවර පැවති ආසියාන් සමුළුව පිළිබඳවයි.
-
හෙදියක් විදිහට මම ලබන අත්දැකීම් හරිම විවිධයි - කෑන්ස් හි දී අපට හමු වූ දෙව්මිණී කුමාරගේ
28/10/2025 Duración: 08minදීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ දෙව්මිණී කුමාරගේ මෙනෙවිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
-
How to donate blood in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න
28/10/2025 Duración: 09minEach time you donate blood, you can save up to three lives. In Australia, we rely on strangers to donate blood voluntarily, so it’s a truly generous and selfless act. This ensures that it’s free when you need it—but it also means we need people from all backgrounds to donate whenever they can. Here’s how you can help boost Australia’s precious blood supply. - නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විසින් කළ රුධිර පරිත්‍යාගයක් නිසා මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කිසිවෙකු ජීවත් වනවා. එක් රුධිර දානයකින් ජීවිත තුනක් බේරා ගැනීමට පුළුවන්. මෙවැනි කාරුණික ක්‍රියාවක් වෙනත් කෙනෙකුට ජීවිතයක් තරම් වටින්නේ ඒ නිසයි. රුධිර අවශ්‍යතාවකින් පෙළෙන ඕනෑම කෙනෙකුට ඒවා ලබා දෙන්නේ නොමිලයේ. එයින් කියවෙන්නේ අපි රුධිර දානයන් කිරීම උදෙසා විවිධ පසුබිම්වලින් පැවත එන ඕස්ට්‍රේලියානුවන් මත විශ්වාසය තබන බවයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේ දී ඔබ දැනගත යුතු කරුණු සරලව පහදා දෙන Australia Explained විශේෂාංග මාලාවේ මෙවර අවධානය හිමි වන්නේ ඕස්ට්‍රේලියාවේ රුධිර දානමය සැපයුමෙහි වැදගත්කම සහ එය ශක්තිමත්ව පවත්වා ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳවයි.
-
SBS සිංහල Newsflash ඔක් 28: නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක්
28/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ඛනිජ තෙල් අබිබවා මීළඟ සියවසේ ගෝලීය බල කේන්ද්‍රයේ තීරණාත්මක සාධකය දුර්ලභ ඛනිජ පාංශු
27/10/2025 Duración: 07minස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු වුණා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳයි.
-
ඕස්ට්‍රේලියාවට apply කරන වීසා reject වෙන්න බලපාන ලොකුම හේතු ගැන තොරතුරු මෙන්න
27/10/2025 Duración: 10minඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න
-
මව්බිමෙන් පුවත් - ඔක් 27: මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 25 තෙක් වර්ධනය කරගැනීමේ අපේක්ෂාවක්
27/10/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
-
SBS සිංහල Newsflash ඔක් 27: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්
27/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
Workplace Burnout නිසා ලබන වසරේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය රැකියාවලින් ඉවත් වන බවට පුරෝකථනයක්: කාලීන විග්‍රහය
26/10/2025 Duración: 06minමානසික සෞඛ්‍යය පිළිබඳ පෙරට වඩා කතිකාවක් ඇති වී තිබෙනවා. මෙවැනි පසුබිමක වුවත් රැකියා ස්ථානවල දී මානසිකව සහ කායිකව වෙහෙසට පත් වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. නිසි පුහුණුව සහ සීමා මායිම් නොමැතිකමෙන් එළඹෙන වසරේ දී බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය සේවා ස්ථානයෙන් ඉවත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. අද කාලීන විග්රහයේ අවධානය හිමි වන්නේ මේ පිළිබඳවයි.
-
මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 20 - ඔක් 24
24/10/2025 Duración: 06minඔක්තෝම්බර් 20වන දා සිට ඔක්තෝම්බර් 24වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
-
පෝලියෝ ගැන අපි දැනුවත් වුනත්, පෝලියෝ එන්නතේ වැදගත්කම ගැන නොදන්න තොරතුරු මෙන්න
24/10/2025 Duración: 09min2025 ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙන “ලෝක පෝලියෝ දිනයට” සමගාමීව පෝලියෝ සහ එම තත්වය ගෝලීය වශයෙන් තුරන් කිරීමේ උත්සාහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගනිමින් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න
-
මව්බිමෙන් පුවත් - ඔක් 24: පාර්ලිමේන්තුව උණුසුම් කල චාමර - ආනන්ද වාදය
24/10/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
-
‘ක්‍රීඩා විග්‍රහය’ – ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අද තියෙන තැනට ගෙනාවේ රුමේෂ් රත්නායක’ - චමරි අතපත්තු
24/10/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
SBS සිංහල Newsflash ඔක් 24: OPTUS සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක් ඉල්ලා අස්වෙයි
24/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න