Sbs Sinhalese - Sbs

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 97:07:54
  • Mas informaciones

Informações:

Sinopsis

Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .

Episodios

  • බොන්ඩායි අමිහිරි සිදුවීම තුල සැබෑ ඕස්ට්‍රේලියානු බව ලොවට පෙන්වූ අහමඩ් අල්-අහමඩ්

    16/12/2025 Duración: 02min

    ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.

  • කාලීන විග්‍රහය: Bondi ත්‍රස්ත ප්‍රහාරය - ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ඇත්තෙන්ම ප්‍රමාණවත්ද

    16/12/2025 Duración: 12min

    බොහෝ කලක පටන් ඔස්ට්‍රේලියාව තුවක්කු පාලනය සම්බන්ධයෙන් ඉතා ඉහල වගකීමකින් කටයුතු කරන බවට දැඩි විශ්වාසයක් පැවතුනා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ප්‍රාන්ත සහ ටෙරිටරිවල වගකීම වන අතර, 1996 පෝර්ට් ආතර් සංහාරයෙන් පසුව තුවක්කුවක් හිමිකර ගත හැක්කේ කාටද - සහ ඇයි යන්න පිළිබඳ දැඩි නීති පැවතුනා. නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ප්‍රමාණවත්ද යන්න පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.

  • SBS සිංහල Newsflash දෙසැ 16: ඔස්ට්‍රේලියාව තුල ගිනිඅවි භාවිතාව පිලිබඳ නීති දැඩි කිරීමේ තීරණයක්

    16/12/2025 Duración: 04min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

  • ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සිංහල දෙමළ ප්‍රජාව එකතු කර ගෙන වැඩ කරන කොට මට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනා - ආචාර්ය ලයනල් බෝපගේ

    15/12/2025 Duración: 09min

    Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල සේවය සමඟ පැවත්වූ සාකච්ඡාවේ දෙවන කොටස.

  • මව්බිමෙන් පුවත්: 'ආණ්ඩුව කරන්න ඕන ජනාධිපතිගේ හිත රිද්දන අය හොයන එක නෙවෙයි' - නාමල් / නිදහස් පක්ෂ නව ජාතික සංවිධායක චාමර සම්පත්

    15/12/2025 Duración: 08min

    ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

  • ත්‍රස්ත ප්‍රහාර අවදානම ගැන නිරන්තර අධ්‍යයනයක නිරතවන බව ඔස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය කියයි

    15/12/2025 Duración: 07min

    බොන්ඩායි වෙඩිතැබීම හේතුවෙන් මේ වනවිට 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. මෙයට එක ළමයකුද ඇතුලත් වනවා. මේ අතර තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති පිරිස 38ක් වන බව වාර්තා වනවා.

  • බොන්ඩායි වෙරළ තීරයේ සමූහ වෙඩි තැබීම සිදු කල පිය පුතු වෙඩික්කරුවන්

    15/12/2025 Duración: 02min

    සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් ප්‍රජාවේ දහසක් පමණ රැස්ව සිටි හනක්කා ආගමික සැමරුම් උත්සවය ඉලක්ක කර සිදු කල වෙඩි තැබීම වයස අවුරුදු 50 සහ 24 යන වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු විසින් සිදු කල බව පොලිසිය පවසනවා.

  • SBS සිංහල Newsflash දෙසැ 15: සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    15/12/2025 Duración: 04min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

  • කාලීන විග්‍රහය: Cronulla riots වලින් පසු ගත වූ වසර 20 තුළදී ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික සමාජය උගත් පාඩම් තිබේද?

    14/12/2025 Duración: 10min

    නිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.

  • මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 08 - දෙසැ 12

    12/12/2025 Duración: 06min

    දෙසැම්බර් 08වන දා සිට දෙසැම්බර් 12වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

  • තරුෂි එක්ක තරු කතා: ‘නවසීලන්තයට ආ ගමන මට හුඟක් දෑ අහිමි කළා’ - ප්‍රවීණ සන්නිවේදක වජිර ජයවර්ධන

    12/12/2025 Duración: 09min

    අද තරුව නිවේදකයෙක් ලෙස සුවහසක් හදවත් සිය ආකර්ශනීය හඬ පෞරුෂයෙන් වසඟ කර ගත් සම්මානනීය ‘සන්නද්ධ සන්නිවේදක’ වජිර ජයවර්ධන.

  • ක්‍රීඩා විග්‍රහය: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිතේෂ් සහ නේදන්

    12/12/2025 Duración: 08min

    මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

  • මව්බිමෙන් පුවත්: ආපදාවෙන් මිදීමට මාස 4 ක් තුල ඩොලර් මි. 35 ක් අවශ්‍යයි - UN / ආණ්ඩුවේ පරප්පාඩු 2284 ක් පිරිවීමට කැබිනට් අනුමැතිය

    12/12/2025 Duración: 08min

    මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

  • SBS සිංහල Newsflash දෙසැ 12: රක්ෂණ හිමිකම් වැරදි ලෙස ප්‍රතික්ෂේප කළ බුපා සමාගමට ඩොලර් මිලියන 35 ක දඩයක්

    11/12/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 12 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

  • A parent’s guide to help teens adjust to social media age restrictions - Australia Explained: ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වයස් සීමා වලට ළමුන්ව හැඩගස්සන්න, දෙමාපියන් දැනගත යුතු දේවල්

    11/12/2025 Duración: 13min

    Australia is restricting access to social media accounts for under-16s, and many families are wondering what it means in practice. While the rules place responsibility on tech platforms rather than young people or their parents, the changes may still create stress for teens who rely on social media to stay connected. Find out how the ban will work, why connection still matters, and how experts suggest supporting young people through the transition. - ඕස්ට්‍රේලියාවේ යොවුන් පිරිස සඳහා සමාජ මාධ්‍ය තහනම ආරම්භ වී තිබෙන නමුත් නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තවමත් බොහෝ අවිනිශ්චිතතාවයන් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තේරුම් ගැනීමට සහ නිසි ලෙස කටයුතු කිරීමට වැදගත් වෙන තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

  • කාලීන විග්‍රහය: පාඨක ප්‍රසාදය දිනෙන් දින ඉහළ යන රොමැන්ටසි කතා කලාව

    11/12/2025 Duración: 06min

    මේ විද්‍යා ප්‍රබන්ධයක් නම් නෙවෙයි, නමුත් එහි සලකුණු පෙන්වනවා. ආදර කතාවකුත් නෙවෙයි. හැබැයි එහි ප්‍රේමණීය බව ඔබට දැනෙනවා. ෆැන්ටසියකුත් නෙවෙයි. ඒත් කතාව අතරමඟ ඔබට අඟුටුමිට්ටේකුව හෝ නර වෘකයෙකුව හමුවෙන්න පුළුවන්. මේ ටික්ටොක් මාධ්‍යය කළඹන කතා පොත් කාණ්ඩයක් පිළිබඳ කතාවයි.

  • 'ගංවතුර පාලනය කරන්න පුළුවන්, නැත්තට නැති කරන්න බෑ. පුළුවන් බවට නොමඟ යැවීම වැරදියි' දිත්වා කුණාටුව විදු ඇසකින්

    11/12/2025 Duración: 10min

    දිත්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා ගිහින්. නමුත් එලෙස ගියේ විශාල ආපදා තත්ත්වයක්, ජීවිත සහ දේපළ හානි ඇති කරලා. මෙවැනි දැඩි බලපෑමක් ඇති වීමට හේතුව, දේශගුණික විපර්යාස, මිනිස් ක්‍රියාකාරකම්වල සම්බන්ධය සහ ගංවතුර පාලනය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

  • අපේ වහරේ කතා අහුරක්: මෙන්න මෙහෙමයි අබරා සිල් ගත්තේ!

    11/12/2025 Duración: 06min

    කියන්නං වාලේ කරන්න යන එකයි, කරන්නං වාලේ කියන්න යන එකයි දෙකම ඉවර වෙන්න පුළුවන් අවුලකින් ය කියලා අපේ වහරේ එන මේ රස කතාවෙන් අපේ වැඩිහිටියෝ කියා දුන් හැටි සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.

  • ලොව වටා: වෝර්නර් බ්‍රදර්ස් මිල දී ගැනීමට නෙට්ෆ්ලික්ස් සහ පැරමවුන්ට් වෙතින් ලංසු

    11/12/2025 Duración: 08min

    මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

  • SBS සිංහල Newsflash දෙසැ 11: ඇමෙරිකාවට යන ඕස්ට්‍රේලියානුවන්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් හෙළි කල යුතු රෙගුලාසියක්

    10/12/2025 Duración: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 11 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

página 4 de 38