Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
SBS සිංහල Newsflash දෙසැ 10: සමාජ මාධ්‍යයෙන් මිදී නිදහස් ගිම්හාන නිවාඩුවක් භුක්ති විඳින්න - අගමැති දරු දැරියන්ගෙන් ඉල්ලයි
09/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
සිය සේවය ලබන සෑම රෝගියෙකුගෙන් ම උපයන මුදලින් කොටසක් ශ්‍රී ලංකාවේ ජීවිතයකට උපකාර කරන්නට කැප කළ වෛද්‍ය තිලාන්
09/12/2025 Duración: 09minමේ කතාබහ වෛද්‍යවරයෙකු සමඟයි. නමුත් මේ වෛද්‍ය සාකච්ඡාවක් නම් නොවෙයි. මේ වෘත්තියභාවයෙන් ඔබ්බට ගොස් මොහු විසින් සිදු කරනා එක්තරා සමාජ කටයුත්තක් පිළිබඳවයි. මේ තනි පුද්ගලයෙක්. කිසිදු සංවිධානයකට, පුණ්‍යායතනයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. තම ශක්ති ප්‍රමාණයෙන් සමාජයට පෙර ලා යමක් දෙන යහපත් මනුෂ්‍යයෙකු පමණයි. මේ කතාන්දරයේ කතානායකයා තිලාන් වල්ගමගේ. ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේවල වාසය කරන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්.
-
Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල ගුවන් විදුලි සේවයට පැවසූ දේ
09/12/2025 Duración: 09minLankan Fest 2025 දස වෙනි සැමරුම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ඉහළට ඔසවා තැබීමට නන් අයුරින් දායක වූ සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු Luminary Awards පිරිනැමීම පසුගිය නොවැම්බර් 16 වෙනිදා Crown Riverwalk පරිශ්‍රයෙදී සිදු වුණා. සම්මානලාභීන් අතරින් කීර්තිමත් බුද්ධිමතෙක් සහ ප්‍රජා නායකයෙකු වන ආචාර්ය ලයනල් බෝපගේ සමගින් SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාවේ පළමු කොටසටයි මේ.
-
'කුකුල් මස් පිසීමට පෙර සෝදන්න එපා', උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ FCIS වෙතින් උපදෙස්
09/12/2025 Duración: 06minඋත්සව සමයේ කලඑළිය අපිට දැන් ඉඳන් ම දකින්න තියෙනවනේ. සාප්පු සංකීර්ණවල, රැකියා ස්ථානයේ, මගතොටේ සැරසිලිවලින් අපිට මේ උත්සවාකාර බව දැනෙනවා. ඒත් මේ කාලය ඇස-කන පිනවන සමයක් ම නෙවෙයි. රස නහර පිනා යන විවිධ කෑම වර්ග නැත්නම් මේ කිසිදු සැමරීමක් අංගසම්පූර්ණ වෙන්නේ නැහැ. සංස්කෘතිකමය වශයෙන් අපි විවධ ආහාර වර්ග හදනවා. හැබැයි මේ කොයි කාටත් පොදු දෙයක් තියෙනවා. ඒ තමයි ආහාර ගැනීමේ දී සහ පිසිමේ දී සෞඛ්යාරක්ෂිත වීම. එහෙම නොකළොත් උත්සව සමයේ සතුට නැති වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ Food Safety Information Council (FSIC) විසින් ආරක්ෂිතව ඔබේ ආහාර රස විඳින්න ගෙන එන උපදෙස් කිහිපයක් තමයි මේ කෙටි විශේෂාංගයෙන් ගෙන එන්නේ.
-
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සිදු වන සමාජ මාධ්‍ය තහනම ගැන දැනගතයුතු දේවල්
09/12/2025 Duración: 10minදෙසැම්බර් 10 වන බදාදා සිට, ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු පිරිසට සමාජ මාධ්‍ය ගිණුම් තිබීම තහනම් කරන ලොව පළමු රට බවට පත්වනු ඇතියි. මේ නව නීති අනුව අදාළ සමාජ මාධ්‍ය ආයතන ඕස්ට්‍රේලියාවේ මෙම නීති වලට අනුකුල විය යුතු අතර එසේ නවුනහොත් අදාළ ආයතන වලට ඩොලර් මිලියන 50 ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදු වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ අදහස්
09/12/2025 Duración: 08minඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අදහස් දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මේ විශේෂාංගයට. ඔස්ටේලියානු කැපිටල් ටෙරිටරි හි, ජේඩ්න් ලේකම්ආරච්චි හා සුරංග ලේකම්ආරච්චි සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලශේන් ජයවීර හා නිමේෂා ජයවීර දැක් වූ අදහස්.
-
SBS සිංහල Newsflash දෙසැ 09: එළැඹෙන වසරේ Jetstar වෙතින් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන්
09/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
-
ඔබේ නිවසේත් වයස්ගත වැඩිහිටියෙකු සිටී නම් මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න
08/12/2025 Duración: 07minවයස්ගත වැඩිහිටියන් තුවාල වීම සහ රෝහල්ගතවීම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇද වැටීමයි. ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා මෙසේ වැටීමකට ලක් වනවා. මේ ඒ පිළිබඳව අප සිදු කළ වෛද්‍ය සාකච්ඡාවේ දෙවන කොටසයි.
-
ද්‍රව්‍යමය ආධාර වලට සීමා නොවී ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට මව්බිමට උපකාර කල හැකි තවත් අවස්ථා මෙන්න
08/12/2025 Duración: 09minසුළි කුණාටු විපතින් පසු යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ මොහොතේ දී දායක විය හැකි විවිධ ආකාර පිළිබඳ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා සහ තස්මේනියා ප්‍රාන්ත සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය SBS සිංහල සේවය සමඟ පල කල අදහස්.
-
මව්බිමෙන් පුවත්: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ජනපතිගේ ඇගයුමට / දිස්ත්‍රික්ක 4 ට තවමත් නාය අනතුරු රතු නිවේදන
08/12/2025 Duración: 09minගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash දෙසැ 08: ලැව්ගිනි ඇති වීමේ ප්‍රවණතාව මෙම ගිම්හාන ඍතුවේ දී අධික විය හැකි බවට අනතුරු ඇඟවීම්
08/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අගමැති ඇල්බනිසි සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ යුග දිවියට
07/12/2025 Duración: 04minඕස්ට්‍රේලියානු අගමැතිවරයා පසුගිය දා සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ අතිනත ගත්තා. ඒ කැන්බෙරා අගනුවරදියි. විවාහය පැවැත්වෙන දිනයක් පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් මාස ගණනක් තිස්සේ අපේක්ෂාවෙන් බලා සිටියා. අද කාලීන විග්රහයේ කතා පුවත ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිසි සහ ජෝඩි හේඩ්න්ගේ විවාහය පිළිබඳවයි.
-
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 01 - දෙසැ 05
05/12/2025 Duración: 07minදෙසැම්බර් 1වන දා සිට දෙසැම්බර් 5වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
-
තරුෂි එක්ක තරු කතා: යුග යුග සවන් සනසා නිහඩ වූ මියුරු හඬ ස්වර යුගල
05/12/2025 Duración: 09minශ්‍රී ලාංකේය කලා ලෝකය සිය හඬ ස්වරයෙන් සනසා මිලින වූ තරු යුගලක් පිළිබඳ මතකානුස්මරණ කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘නොමියෙන තරු’ විශේෂාංගය අහන්න.
-
ක්‍රීඩා විග්‍රහය - ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට චෝදනා
05/12/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
මව්බිමෙන් පුවත්: රජයේ අරමුදලට මේ දක්වා රටවල් 33 ක විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 30,000 ක ගෙන් රුපියල් කෝටි 70 ක පරිත්‍යාග
05/12/2025 Duración: 10minදිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන සහන සේවා පිළිබඳ සහ මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අනෙකුත් උණුසුම් හා වැදගත් පුවත් සමගින් SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash දෙසැ 05: දකුණු සහ අග්නිදිග ආසියාවේ සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්
05/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 05 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
අපේ වහරේ කතා අහුරක්: හෙට්ටු කරන්න ඇවිත් මට්ටු වුන හෙට්ටියාගේ කතාව!
04/12/2025 Duración: 07minඕනවට වඩා හෙට්ටු කරලා ගොවි මහත්වරුන්ගේ ඵලදාව මිල දී ගන්න හදන වෙළෙන්දෝ ගැනුම්කරුවෝ එදාත් හිටියා අදත් ඉන්නවා. අපේ වහරේ ඒ වගේ අයට කියන මේ අලංකාර කියමන ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.
-
ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩිනම් සහනාධාර ලබාදෙන්න 'Sri Lankan Australians' සංවිධානයත් එක්වේ
04/12/2025 Duración: 08minශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉතින් අපේම ශ්‍රී ලාංකිකයින්ට මේ උදව් අවශ්‍යම මොහොතේ විවිද පාර්ශව ඉතා යුහුසුළුව ආධාර එකතුකිරීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Sri Lankan Australians සංවිධානයත් මේ හදිසි සහනාධාර ලබාදීමේ කටයුත්තට එකතුවෙලා තිබෙනවා. එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝපගේ සමග මේ හදිසි සහනාධාර ලබාදීමේ කර්තව්‍යය පිළිබඳව SBS සිංහල සේවයේ අප සිදුකල සාකච්චාවට සවන්දෙන්න
-
'ලොව වටා': ඉන්දුනීසියාවේ ගංවතුරෙන් බේරුන අය ආධාර නැතුව කලකිරෙද්දී, මැලේසියාව අභිරහසක් වූ MH370 යලි හොයන්න ගනී
04/12/2025 Duración: 08minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.