Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
SBS සිංහල Newsflash දෙසැ 04: ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්
04/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
-
From black tie to casual: How to decode dress codes - Australia Explained: ඕස්ට්‍රේලියාවේ විවධ උත්සව වලට යද්දී අඳින ගැලපෙන ඇඳුම් ගැන තොරතුරු
03/12/2025 Duración: 10minYou’ve received an invitation that reads “Dress code: Cocktail attire”. What is this ‘code’? And more importantly, what will you wear? In this episode, we demystify the most common dress codes so that you can feel comfortable at any event. - ඔබට ඔස්ට්‍රේලියාවේදී යම් උත්සවයකට ආරාධනාවක් ලැබෙද්දී “Dress code: Cocktail attire” වශයෙන් තිබෙන්නට හැකියාව තිබෙනවා. මෙම Dress code කියන දේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
-
සුළි කුණාටුවකට නොනැසුණු ප්‍රජාවක එකමුතුව - ජීවිත ජීවත් කරවන්න ස්වේච්ඡාවෙන් කැප වුණු විජේරාම ප්‍රජා මුළුතැන්ගෙය
03/12/2025 Duración: 09minදහස් සංඛ්‍යාත අවතැන් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සපයන දිවා රාත්‍රී ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වනවා. පුරවැසි කණ්ඩායමකගේ එකමුතුවකින් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන මෙම මුළුතැන්ගෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන සිවිල් ක්‍රියාකාරී සුජිත් අන්නමලේ මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ සිදු කල කතාබහයි.
-
SBS සිංහල Newsflash දෙසැ 03: ශ්‍රී ලංකාවට බලපෑ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලට
03/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව මේ සියවසේදී ගත් ලොකුම පාරිසරික ප්‍රතිසංස්කරණ සම්මත වෙයි
02/12/2025 Duración: 09minවසර පහක සමාලෝචනයකින් පසුව, ඕස්ට්‍රේලියාවේ පාරිසරික නීති සඳහා වසර 26 ක් තුළ වූ විශාලතම ප්‍රතිසංස්කරණ සම්මත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය Greens පක්ෂය සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම ගනුදෙනුව පරිසර විශේෂඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
පීඩාවට පත්ව සිටින කාන්තාවන්, ගැහැණු දරුවන් හා ආබාධ සහිත වූවන් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛතා ආධාර
02/12/2025 Duración: 02min'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ක්ෂණිකව සහාය වීමටත් ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය කලාපීය ප්‍රතිචාර අරමුදල් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.
-
SBS සිංහල Newsflash දෙසැ 02: ශ්‍රී ලංකාවේ ගංවතුර තත්වය පහව යාමත් සමග වසංගත රෝග ඇතිවීමේ අවදානමක්
02/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
ශ්‍රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි
01/12/2025 Duración: 09minශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිවී තිබෙන ව්‍යසන කාරී තත්වයට ඔස්ට්‍රේලියාව තුලිනුත් විවිද කණ්ඩායම් එකතුවෙනවා අවශ්‍ය සහනාදාර ලබාදීමේ කටයුතු සිදුකරන්න. ඉතින් ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජය මේ වෙලාවේ ලංකාවේ රොටරි සමාජය සමග එකතුවෙලා හදිසි සහනාධාර ලබාදීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා කියල අපට දැනගන්න ලැබුනා. ඉතින් එහි විස්තර දැනගන්න අපි සම්බන්ධ කර ගත්තා ඕස්ට්‍රේලියාවේ Greater Sydney රොටරි සමාජයේ හරන් රාමචන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ රොටරි සමාජයේ (District 3220) හි District Governor ලෙස කටයුතු කරන ඩෙල්වින් පෙරේරා මහතා. ඉතින් පවතින තත්වය යටතේ ඔවුන් සහන ස්ලසීමේ ව්‍යාපෘති සිදුකරන ආකාරය ගැන තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
සහන සේවා සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්
01/12/2025 Duración: 09minදිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට විපතට පත්ව සිටින්නන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණ හදිසි සේවා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
-
කාලීන විග්‍රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී
01/12/2025 Duración: 08minඕස්ට්‍රේලියාවේ පොලිඅනුපාත යම් පමණකට ස්ථාවර වීමක් දක්නට ලබුනත් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිල ගණන් තවදුරටත් ඉහල මට්ටමක පවතින බව අපට දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහොමයක් ප්‍රධාන නගර වල ජීවත්වන ජනතාව තම ආදායමෙන් තුනෙන් එකක් පමණ නිවාස කුලී සඳහා වෙන්කරන බවද වාර්තා වනවා. මෙහි බරපතලම තත්වය වාර්තා වෙන්නේ පර්ත් නුවරින්. පවතින මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන් තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
මව්බිමෙන් පුවත් දෙසැ 01: අවදානම් තත්ත්වය තවදුරටත් - දිස්ත්‍රික්ක 7 ට රතු නිවේදන
01/12/2025 Duración: 10minදිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන විශේෂ ‘මව්බිමෙන් පුවත්’ ප්‍රකාශය.
-
SBS සිංහල Newsflash දෙසැ 01: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 334 දක්වා ඉහළට
01/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: නළ දරු උපත් උදෙසා ඩිම්බ පරිත්‍යාග කිරීමට අදාළ ඕස්ට්‍රේලියානු නීතිරීති වෙනස් කිරීමට යෝජනා
30/11/2025 Duración: 08minඩිම්බ පරිත්‍යාගවලට ඇති ඉල්ලුම ඕස්ට්‍රේලියාවේ ඉහල ගොස් තිබෙනවා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකු සරුභාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින නිසා. කෙසේ වෙතත් මේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණවත් ඩිම්බ දායකයන් ඇත්තේ නැහැ. මේ හිඟය නිසා ඔස්ට්‍රේලියාව ඩිම්බ දානය සම්බන්ධයෙන් ඇති නීතිරීති වෙනස් කළ යුතු යැයි විශේෂඥයන් පවසනවා. අද කාලීන විග්‍රහයේ අවධායන ඒ පිළිබඳවයි.
-
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 24 - නොවැ 28
28/11/2025 Duración: 06minනොවැම්බර් 24වන දා සිට නොවැම්බර් 28වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
-
තරුෂි එක්ක තරු කතා: සහන් රන්වලට පෙම්වතිය බලන්න යනවා වගේ දැනෙන දේ දන්නවා ද?
28/11/2025 Duración: 09minශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
-
ක්‍රීඩා විග්‍රහය - 2030 Commonwealth Games සත්කාරකත්වය අහමදාබාද් නුවර ට
28/11/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
මව්බිමෙන් පුවත්: කැලඹුණු කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 ට පීඩා / ආපදා තත්ත්වයට මුහුණ දීමට ජනපති අගමැති විපක්ෂ නායක රැස් වේ
28/11/2025 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash නොවැ 28: කැන්බරා, හෝබාර්ට් සහ මිල්දුරා හි QantasLink මධ්‍යස්ථාන වසා දැමෙයි
28/11/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 28 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: Uber Eats, DoorDash වැනි ආයතන වල ආහාර බෙදාහැරීම් කරන රියදුරන්ට වැටුප් වැඩිවීමක්
27/11/2025 Duración: 09minUber Eats සහ DoorDash වැනි ආහාර බෙදා හැරීමේ සේවා සපයන ආයතනවල ආහාර බෙදා හැරීමේ කටයුතු සිදු කරන ඕස්ට්‍රේලියාවේ සේවකයින්ට විශාල වශයෙන් වැදගත් වන යෝජනාවලියක් Fairwork කොමිසමට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවුනා.
-
වයස්ගත ප්‍රජාව අතර වැටීම් හෙවත් Elderly Falls සංකූලතා මාලාවකට හේතු වන තත්ත්වයක් වන්නේ මේ නිසයි
27/11/2025 Duración: 10minඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා වැටීමකට ලක් වනවා. වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. වැටීම්වලට හේතු සහ එහි සංකූලතා පිළිබඳව සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.