Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
මව්බිමෙන් පුවත්: රනිල්ගෙන් සජිත්ට නව අවුරුදු සුබ පැතුමක් / ලංවිම වත්කම් අලුත් සමාගම් හයකට පවරයි
02/01/2026 Duración: 09minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල පුවත්: 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවට වාර්තාවක්
01/01/2026 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 2 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
අලුත් අවුරුද්දේ ඔබේම ව්‍යාපාරයක් අරඹන්න සිහින දකිනවානම් මේ ගැනත් දැනගන්න
01/01/2026 Duración: 12minව්‍යවසායකත්වය, එහෙම නැතිනම් 'Entrepreneurship' කියන වචනය අපිට මේ දිනවල බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා. කුඩාවට හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න බොහෝ දෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියල අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අද දවසේ SBS සිංහල සේවය කටයුතු කළා. අලුත් අවුරුද්දේ ව්‍යාපාරයක් අරඹන්න ඔබ සිහින දකිනවානම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි.
-
අපේ වහරේ කතා අහුරක්: උපදෙස් දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශක
01/01/2026 Duración: 06minසමහර මෝඩකම් කෝවේ දැම්මාත් අරින්න බෑ කියනවා නෙ. ඒ වගේම සමහර නුවණැත්තොත් මෝඩකම් කරනවා. අපේ ජන වහරේ ඔය මෝඩකම් ගැන විවිධ කතා තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඒ වගේ උපදේශ දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශකයෙක් ගැන කතාවක්.
-
නව වසරක ආරම්භය ජනවාරි පළමු වැනිදා ලෙස යොදා ගන්න තීරණය කළේ කවුද?
01/01/2026 Duración: 07minජනවාරි පළමු වැනිදා කියන්නේ අපට නව බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක පිළිබඳ අදිටනක් සිතුවිල්ලක් ඇති වන දිනයක්. නමුත් ජනවාරි පළමු වැනි දා අලුත් අවුරුද්දක උදාව විදිහට යොදා ගන්න හේතු වුණේ ඇයි සහ ඒ සම්ප්රදාය පටන් ගැනුණෙ කොහොම ද කියලා දැන ගන්න කැමති නම් මේ විශේෂාංගයට සවන් දෙන්න.
-
ලොව විශාලතම ජනගහන සංක්‍රමණය පාදක කරගත් සිනමා පටයකින් නව අවුරුද්ද අරඹමු: Last Train Home
31/12/2025 Duración: 12minනව වසර උදා වුණා. 31වෙනිදා රාත්‍රියේ සැමරුම්වලින් අනතුරුව නිවාඩු පාඩුවේ නිවසට වී සිටින ඔබට SBS On Demand ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපට ත්‍රිත්වයක් පිළිබඳවයි මේ විශේෂාංගයෙන් අවධානය ලබා දෙන්නේ.
-
හැම අලුත් අවුරුද්දකම මුළු ලෝකයේම වැඩිම පිරිසක් නරඹන Sydney Harbor Bridge fireworks පටන්ගත්තේ මෙහෙමයි
31/12/2025 Duración: 10minසෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ලොව කොහේ සිටි හෝ මනස්කාන්ත Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනය නරඔනවා. නමුත් මෙහි ආරම්භය සහ ඉතිහාසය ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනයේ ආරම්භය සහ මේ දක්වා සිදු වූ ප්‍රධාන දේ ගැන තොරතුරු ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
-
SBS සිංහල Newsflash දෙසැ 31: සිඩ්නි නුවර පැවැත්වෙන ගිණිකෙලි සංදර්ශනය වෙනුවෙන් 2500කට අධික පොලිස් ආරක්ෂාවක්
31/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ගෙවී යන 2025 වසරේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැදගත් සිදුවීම් සමාලෝචනය
30/12/2025 Duración: 08minසංක්‍රමණික විරෝධතා, හදිසිසේවා දුරකථන බිඳවැටීම, කාලගුණික අභියෝග, ඉහළ ගිය ජීවන වියදම්, බොන්ඩායි ප්‍රහාරය ආදී හැලහැප්පීම් රැසක් සිදු වූ 2025 වසර ඕස්ට්‍රේලියාවට අභියෝගාත්මක වසරක් වුණා. අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ 2025 වසරේ දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් කැපී පෙනෙන සිදුවීම් දෙසයි.
-
ගෙවී ගිය 2025 වසර පුරා SBS සිංහල සේවය ඔබට තිලිණ කළ විශේෂ වැඩසටහන් කිහිපයක් ගැන මතක ආවර්ජනා
30/12/2025 Duración: 14minSBS සිංහල සේවය 2025 වසර තුළ ඔබ වෙත ගෙන ආ විවිධ වැඩසටහන්, සාකච්ඡා සහ විශේෂාංග පිළිබඳ ගෙනෙන වසර අවසාන සමාලෝචනය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවට වැදගත් වන කාලීන, හරවත් මෙන්ම රසවත් තොරතුරු ඔබට සමීප කරන්නට උදා වන 2026 නව වසරේ දීත් SBS සිංහල සේවයේ අපි බලාපොරොත්තු වන්නෙමු.
-
SBS සිංහල Newsflash දෙසැ 30: 'Boxing day' ටෙස්ට් තරඟයෙන් ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන ගණනක පාඩුවක්
30/12/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ගෙවී ගිය 2025 වසරේ ලොව පුරා සිදු වූ වැදගත් සිදුවීම් සමාලෝචනය
29/12/2025 Duración: 09min2025 වසර ජාත්‍යන්තර දේශපාලනය, ස්වභාවික විපත් සහ ලෝකයේ පාලන බලය හා ඉන් ඇතිවන බලපෑම සම්බන්ධව අතිශය තීරණාත්මක සහ විශාල වෙනස්කම් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වනවා. අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි 2025 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම් සමාලෝචනයක් ඔබ වෙත ගෙන එනවා.
-
යුග යුග සිත් සතන් සනසා ජීවන රඟමඩලින් බැස ගිය ලාංකේය ගීත කෝකිලාව - ලතා වල්පොල
29/12/2025 Duración: 09minදශක අටක් රසික සිත් සිය ගීතමත් හඬින් සනසාලන්නට හැකි වූ මියුරු ගී කෝකිලාවිය ලතා වල්පොල ගායනවේදිනිය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මතක සටහන.
-
ශ්‍රී ලංකාවට යථා තත්ත්වයට ඒමට දීර්ඝ කාලයක් ගත වේවි - ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව
29/12/2025 Duración: 10minශ්‍රී ලාංකීය ප්‍රජාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ අවස්ථාවේ දී විවිධ ආකාරයෙන් ආධාර උපකාර ලබා දීමට මුල් අවස්ථාවේ දී ම ඉදිරිපත් වූ රටවල් අතර ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව ප්රමඛත්වයේ පසු වනවා. මේ ව්‍යසනකාරී අවස්ථාවේ දී ලබා දෙන සහයෝගය සහ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබඳ SBS සිංහල සේවය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ වැඩසටහනට සවන් දෙන්න.
-
මව්බිමෙන් පුවත්: ත්‍රස්තවාදය නිර්වචනය නොකළ එකම රට ලංකාව - සරත් වීරසේකර / බෙහෙත් ගෙන්නලා තියෙන්නෙ 2024 දීපු ටෙන්ඩරේකින් - අමාත්‍ය වසන්ත
29/12/2025 Duración: 08minගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
SBS සිංහල Newsflash දෙසැ 29: ආරක්ෂාව සහතිකයි, බියකින් තොරව නව වසර සමරන්න, නිව් සවුත් වේල්ස් අගමැති ජනතාවට දන්වයි
29/12/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
-
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සුවිශේෂී ට්රෑම් රථ ආසන වල සැඟවුණු කතාව
28/12/2025 Duración: 09minමෙල්බර්න් නගරයේ ට්රෑම් සේවාවට වසර 140කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. දිනපතා අඩුම තරමින් පුද්ගලයන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මෙල්බර්න් ට්රෑම් රථ භාවිතා කරනවා. අද SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙල්බර්න් ට්රෑම් රථ වල ඔබ ඉඳගෙන ගමන් කරන මගී ආසන පිළිබඳ සැඟවුණු කතාවයි.
-
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 22 - දෙසැ 26
26/12/2025 Duración: 08minදෙසැම්බර් 22වන දා සිට දෙසැම්බර් 26වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
-
තරුෂි එක්ක තරු කතා: නත්තල ගැන කලා ලෝකයේ තරු දැක්වූ අදහස්
26/12/2025 Duración: 09minඅද තරු කතාව වෙන්වන්නේ අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලාංකීය කලා ලෝකයේ තරු දැක්වූ අදහස් සහ සුබ පැතුම් වෙනුවෙනුයි.
-
ක්‍රීඩා විග්‍රහය: මේ වෙලාවේ ලොකු ලොකු වෙනස්කම් කරන එක සුදුසු නෑ - නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය
26/12/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.