Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
SBS සිංහල Newsflash ඔක් 08: ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් ප්‍රධානි තනතුරට ප්‍රථම වරට කාන්තාවක්
08/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
Springtime hay fever and asthma: how to manage seasonal allergies - Australia Explained - වසන්ත සමයේදී අපට වැළඳෙන hay fever සහ වෙනත් ආසාත්මිකතා වලින් ප්‍රවේශම් වන්නේ කෙසේද?
07/10/2025 Duración: 12minSpringtime in Australia brings warmth, blossoms, and longer days—but also the peak of pollen season. For millions of Australians, this means the onset of hay fever and allergy-induced asthma. - ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය අපට නව ජීවයක් ගෙන එන නමුත් එය ඕස්ට්‍රේලියාවේ පරාග සමය හෙවත් pollen season හි ආරම්භය වනවා. මේ තත්වය අපට විවිධ අසාත්මිකතා ඇති කල හැකි වන අතර ඒවා කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනගත යුතු තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
-
‘කාලීන විග්‍රහය’ - ඊශ්‍රායල නෝවා සංගීත උළෙලට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය අද යි
07/10/2025 Duración: 07min2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ප්‍රතිවිපාක සහ ලෝකය ඊට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳවයි.
-
SBS සිංහල Newsflash ඔක් 07: සිඩ්නි නුවර වීදියක වෙඩි තැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා 25ක්
07/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 07වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව දීපවාලී සමරන ආකාරය ගැන SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් අපිට කිව්ව දේ
06/10/2025 Duración: 08minදීපවාලී සැමරුම් පිළිබඳ SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් සමඟ SBS සිංහල සේවයේ කස්සප සෙනරත් කළ කතාබහ
-
මව්බිමෙන් පුවත් - ඔක් 06: 'අපි අභියෝග වලට ආදරෙයි' - පා.ම. නාමල් රාජපක්ෂ
06/10/2025 Duración: 08minගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය
-
හෙද වෘත්තිකයන්ට ඖෂධ නිර්දේශ කිරීමේ අවසර හිමි වන පුහුණු වැඩසටහනක් ලබන වසරේ ඇරඹෙයි: කාලීන විග්‍රහය
06/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාව පුරා දස දහස් ගණනක් වූ ලියාපදිංචි හෙද වෘත්තිකයන් හට ඖෂධ නිර්දේශ කිරීමේ පුහුණුව ළඟදීම හිමි වීමට නියමිතව තිබෙනවා. මෙය මින් පෙර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබුණා. මෙම ප්‍රතිසංස්කරණය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පරිවර්තනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ මගින් රෝගීන්ගේ ජීවිත ඔප් නැංවෙනු ඇති. අද කාලීන විග්රහයේ අවධානය ඒ පිළිබඳවයි.
-
කොච්චර diet කලත්, ව්‍යායාම කලත් ඇඟ මහත් වෙන්නේ ඇයි, ඇත්ත විස්තරේ මෙන්න
06/10/2025 Duración: 10minසෞඛ්‍යසම්පන්න අහාර වේලවල් උත්සහ කලත් නිසි ශරීර සුවතා වැඩසටහන් පිලිපැද්දත් ශරීරයේ බර වැඩි වීම පිළිබඳව කනස්සල්ලෙන් සිටින කාන්තාවන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාවට සවන් දෙන්න
-
SBS සිංහල Newsflash ඔක් 06: සිඩ්නි නුවර වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට
06/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 29 - ඔක් 03
03/10/2025 Duración: 06minසැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
-
'ජීවිත කාලෙම රට වෙනුවෙන් දුවපු මම අද ජීවත් වෙන්න දුවනවා' - සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවයට කියපු කතාව
03/10/2025 Duración: 10minඑදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග කල කතාබහ.
-
මව්බිමෙන් පුවත් - ඔක් 03: 'මට ජනාධිපති වීමේ සිහිනයක් නෑ' - නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා
03/10/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න
-
ක්‍රීඩා විග්‍රහය: ලක් දියණියන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිකට් පිටියේ විශිෂ්ට තරඟාවලි ජයක්
03/10/2025 Duración: 08minමේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල අපරාධමය වරදක් වන Stealthing පිළිබඳ දැනුවත් වෙමු: කාලීන විග්‍රහය
03/10/2025 Duración: 10minලිංගික සංසර්ගයක දී අනෙක් පුද්ගලයාගේ අනුදැනුමකින් හෝ එකඟතාවෙන් තොරව උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩම් එකක් ඉවත් කිරීම stealthing ලෙස හැඳින්වෙනවා. මෙය මෑතකාලීනව ඕස්ට්‍රේලියාවේ බොහොමයක් පෙදෙස්වල අපරාධමය වරදක් බවට පත් වුණා. කෙසේ වුවත් බොහෝ දෙනෙකු තවමත් stealthing සහ ඒ ආශ්රිත අවදානම් පිළිබඳ අනවබෝධයෙන් පසු වන බවට විශේෂඥයන් අනතුරු අඟවා සිටිනවා. අද කාලීන විග්රහයේ අවධානය ඒ පිළිබඳවයි.
-
SBS සිංහල Newsflash ඔක් 03: ප්‍රාදේශීය ප්‍රදේශවල සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන ගැටළු ගැන නව වාර්තාවක්
03/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
'ලොව වටා': බුද්ධිමතුන්ට ඇමෙරිකාව ගණන් උස්සද්දී චීනය දොර අරී
02/10/2025 Duración: 08minමාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
ගාසා තීරයට යෝජනාවූ නව සාම වැඩපිළිවල ගැන කටාර් රාජ්‍යයේ විශේෂ අවධානය: කාලීන විග්‍රහය
02/10/2025 Duración: 07minවසර දෙකක් පුරා මද පෙරදිග පවතින යුධමය තත්වය අවසන් කිරීමට ඇමරිකාවේ ප්‍රමුඛතත්වයෙන් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රසාදය පළකරනවා. කෙසේ උවත් මෙය හමස් සංවිධානය සහ කටාර් රාජ්‍ය විසින් මේ වනවිට අධ්‍යානය කරමින් සිටිනවා
-
SBS සිංහල Newsflash ඔක් 02: Aged care ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ වැටුප් වැඩි වීමක්
02/10/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න ඉන්නවානම්, Credit file එක හරියට පවත්වාගෙන යන්න මේ කරුණු දැනගන්න
01/10/2025 Duración: 09minඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඉතින් නිවාස සිහිනය සැබෑ කරගැනීමට බොහෝ විට ඕස්ට්‍රේලියාවේ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ලබා ගැනීමට සිදු වනවා. ඉතින් ඔබගේ නිවාස ණය ලබා ගැනීමේ හැකියාව තීරණය කරන ප්‍රධානතම දෙයක් තමයි credit score එක සහ Credit file එක. ඉතින් ඉතා හොඳ credit file එකක ඇති වැදගත්කම ගැන අද දවසේ ඔබ වෙත තොරතුරු ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා.
-
SBS සිංහල Newsflash ඔක් 01: උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා ඉහල යා හැකි බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක්
01/10/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න