Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
සමේ තත්වය නිසා පසු නොබා, ඕස්ට්‍රේලියාවේ නිරූපිකාවක වූ ලාංකික පසුබිමකින් පැමිණි Onella
06/06/2025 Duración: 08minඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකික පසුබිමක් තිබෙන නිරූපිකාවක වන Onella Muralidharan ගැන තොරතුරු දැනගන්න මේ විශේෂන්ගයට සවන්දෙන්න.
-
'අපි කාටවත් පක්ෂව ගැසට් ගහන්නේ නැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කුමාර කියයි: ක්‍රීඩා විග්‍රහය
06/06/2025 Duración: 08minමේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
-
'විනාස වුන පරිසරය යළි ගොඩනැගීම හැමෝගෙම පොදු වගකීමක්', පරිසර දිනයේදී ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 06
06/06/2025 Duración: 08minඅද - ජූනි මස 06 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
ටස්මේනියාව හදිසි මැතිවරණයකට සැරසෙයි: කාලීන විග්‍රහය ජූනි 06
06/06/2025 Duración: 07minටස්මේනියා ප්‍රාන්ත ප්‍රධානීට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංගය හමුවේ ඔහු පරාජයට පත් වුණා. ඒ අනුව ටස්මේනියාවට හදිසි මැතිවරණයකට එළැඹීමට සිදු වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.
-
SBS සිංහල Newsflash ජූනි 06: මේ වසරේ පළමු කාර්තුවේදී ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ වර්ධනය 0.2%ක් පමණක් බව වාර්තා වේ
06/06/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
Facebook Marketplace එකේ සිදුවන වංචා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් කිහිපයක් මෙන්න
05/06/2025 Duración: 12minFacebook Marketplace එකේ සිදුවන වංචා ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ගේ අත්දැකීම් අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාව Nature-Based Solutions යොදා ගන්නේ මෙහෙමයි
05/06/2025 Duración: 10minපරිසරය පාදක කරගනිමින් මනුෂ්‍ය වර්ගයා ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියටම අභියෝග ජයගැනීමට උපකාර වන විසඳුම් nature-based solutions විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෑතක දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට මේ nature-based solutions භාවිත කිරීම පිළිබඳ දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න..
-
ඕස්ට්‍රේලියාවේ ආයතන සම්මුඛ පරීක්ෂණ වලට AI තාක්ෂණය යොදා ගැනීමෙන් ඇතැම් සංක්‍රමණිකයින්ට අසාධාරණයක් සිදුවනවාද
05/06/2025 Duración: 06minඕස්ට්‍රේලියාවේ ආයතන වලින් තුනෙන් දෙකක් පමණ වර්තමානය වනවිට සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා AI තාක්ෂණය එහෙම නැතිනම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය තුල සංක්‍රමණිකයින් ඇතුළු ඇතැම් පිරිස් සඳහා යම් අසාධාරණ තත්වයක් ඇතිවන බවටද මතයක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සෑම වසරකම ඩොලර් බිලියන ගණනක පාඩුවක්
05/06/2025 Duración: 08minපසුගිය කාලයේ වාර්තා වූ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් සිදුවූ අලභානිය ඩොලර් බිලියන 2.2ක් පමණ වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරය ප්‍රකාශ කර සිටිනවා. මේ සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව රටක් වශයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ප්‍රජා නායකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ දේශගුණික විපර්යාස පිලිබඳ පර්යේෂකයින් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
-
SBS සිංහල Newsflash ජූනි 05: විශ්වාසභංගයක් හේතුවෙන් ටස්මේනියාව හදිසි මැතිවරණයකට එළැඹෙන ලකුණු
05/06/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
-
ශීත ඍතුවේදී අපේ සම දැඩි ලෙස වියලෙන්නේ ඇයි සහ ඒ සඳහා කල හැකි ප්‍රතිකාර ගැන දැනගනිමු
05/06/2025 Duración: 09minශීත ඍතුවේදී සම වියලීමට ලක්වීම පිළිබඳව සහ එය වලක්වාගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න
-
'මම මින් ඉදිරියට උතුරු කොරියාවත් එක්ක මිත්‍රව කටයුතු කරනවා', අලුත් දකුණු කොරියානු ජනපති කියයි: 'ලොව වටා'
05/06/2025 Duración: 08minමේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
-
ඔස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාට හොඳ පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න
04/06/2025 Duración: 08minඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබ විසින් ඔබේ දරුවාට සුදුසු පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
-
ඕස්ට්‍රේලියාවේ ශීත කාලයට ගැලපෙන්න තමන්ගේ ගෙවතු වගා සකස් කර ගන්නේ මෙහෙමයි
04/06/2025 Duración: 09minශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් සහ ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න
-
SBS සිංහල Newsflash ජූනි 04: මිලියන තුනකට ආසන්න අඩු වැටුප් ලබන සේවකයින්ට 3.5%ක වැටුප් වැඩිවීමක්
04/06/2025 Duración: 05minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 04වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
-
මේ සීත කාලයේදී ක්‍රියාශීලීව හිඳිමින් ශරීර සුවතාව පවත්වා ගන්න ඔබට වැදගත්ම වෙන තොරතුරු මෙන්න
03/06/2025 Duración: 09minජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජයසිංහ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
-
Parent visa අයදුම්කරුවන්ට immi ගිණුම හරහා සේවාවන් ලබා ගැනීමේ හැකියාව ගැන තොරතුරු මෙන්න
03/06/2025 Duración: 03minParent වීසා අයදුම්කරුවන්ට තමන්ගේ "ඉමි ගිණුම" හරහා වීස අයදුම් කරන ක්‍රියාවලියේ සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
ඔබේ අසනීප වූ දරුවාට ඕස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිකාර අංශ වලින් ප්‍රතිකාර දෙන්නේ මෙහෙමයි: Australia Explained
03/06/2025 Duración: 09minඕස්ට්‍රේලියාවේදී ඔබේ අසනීප හෝ තුවාල වූ දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමට ඔබට ඕනෑම. මොහොතක අවශ්‍ය විය හැකි වනවා. දිගු රැඳී සිටීමේ වේලාවන්, යා යුත්තේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඔබේ දරුවා අසනීපව සිටිනු දැකීමේ ආතතිය, ඕනෑම දෙමව්පියෙකුට දැරීමට යම් දුරකට අපහසු විය හැකියි.මේ හේතුවෙන් දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමේදී අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා
-
SBS සිංහල Newsflash ජූනි 03: ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ රක්ෂණ බිල් ඉහල යා හැකි බවට අනාවැකි
03/06/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
-
ආරක්ෂක වියදම් ඉහල දමන ලෙස ඇමරිකාවෙන් කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රතික්ෂේප කරයි: කාලීන විග්‍රහය
03/06/2025 Duración: 06minඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහළ දමන ලෙස ඇමරිකාව විසින් කළ ඉල්ලීම අගමැති ඇන්තනී ඇල්බනීසි ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකාව විසින් ඕස්ට්‍රේලියානු වනේ සහ ඇලුමිනියම් සඳහා පැනවූ බදු ඉවත් කරගැනීම පිළිබඳව සිදුකරන සාකච්ඡා අතරතුර මෙම සිදුවීම වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්