Sbs Sinhalese - Sbs
රැකියා ස්ථානවල දී වයස නිසා වෙනස් කොට සැලකීමේ ප්‍රවණතාවක් පවතින බව අධ්‍යයනයක් හෙළි කරයි: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:55
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ රැකියාවල නියැළෙන්නන් විශ්‍රාම යන වයස මේ වන විට අවුරුදු 67ක් ලෙස සඳහන් වනවා. නමුත් රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස අවුරුදු 51 සිට 55 දක්වා පුද්ගලයන් බොහෝ විට "වැඩිහිටි සේවකයන්" ලෙස සැලකීමට භාජනය කරනු දකින්නට ලැබෙනවා. මේ බව Australian HR Institute සහ ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් කරන ලද නව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා. නමුත් මෙය අලුත් දෙයක් වන්නේ නැහැ. වයස අවුරුදු පනස් ගණන්වල සේවකයන් බොහෝ විට වයස නිසා වෙනස්කම්වලට මුහුණ දෙන බව පෙර අධ්‍යයනයන් දැනටමත් පෙන්වා දී තිබෙනවා. එසේ නම් රැකියා ස්ථානවල වයස නිසා වන වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීම තවමත් එතරම් අපහසු ඇයි? අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි