Sbs Sinhalese - Sbs

ඔබේ ආදායම් තහවුරු නොකලොත් Child Care Subsidy සහන ගෙවීම් නවතිනු ඇතැයි Services Australia ආයතනය පවසයි

Informações:

Sinopsis

2023-24 වර්ෂයට අදාළ ඔබේ ආදායම මේ වන විට තහවුරු කර නොමැති නම්, ඔබේ Child Care Subsidy (CCS) හෙවත් CCS සහන ගෙවීම් නතර වනු ඇතැයි Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. 2023–24 කාලයේ ඔබට සහකරුවෙකු සිටියේ නම්, ඔවුන් ද ඔවුන්ගේ ආදායම තහවුරු කළ යුතු වනවා. බදු වාර්තාවක් ගොනු කිරීමෙන් හෝ එසේ කිරීමට අවශ්‍ය නොවන බව Services Australia ආයතනයට දන්වා ආදායම් තත්ත්වය තහවුරු කිරීමෙන්, නැවතී ඇති CCS ගෙවීම ලබා ගත හැකි වනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම online, එනම් මාර්ගගතව සිදු වනවා. අද මේ විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.