Sbs Sinhalese - Sbs
වැඩිහිටියන්ගේ අයිතීන් මුල් කරගත් Aged Care පනතේ සිදුවන වෙනස්කම් මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:46
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රතිපාදන මත කෙරෙන වැඩිහිටි සත්කාර සේවා, එහෙමත් නැත්නම් aged care සඳහා නව පනතක් 2024 නොවැම්බර් 25 වන දා සම්මත කරගත්තා. Aged Care Act 2024 විදියට හඳුන්වන මේ පනත, බලාත්මක වීම සිදු වෙන්නේ 2025 නොවැම්බර් 25 වන දා. 2025 ජූලි මාසේ තමයි මේ දේ සිදු වෙන්නට කරුණු කාරණා යෙදිලා තිබුණේ. ජූලි මාසේ ඉඳන් නොවැම්බර් වෙනකන් තිබෙන කාලය, සත්කාර සේවා සපයන්නන් හට නව නීතිවලට අනුගත වීමට අවශ්‍ය කාලය සපයන බව තමයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසන්නේ. මේ නව පනතෙහි වැදගත්කම, එය බලපාන පාර්ශ්ව සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උදෙසා පනත හඳුන්වා දෙන නව ක්‍රමවේද පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.