Sbs Sinhalese - Sbs
Stolen Generation වෙත වන්දි ලබා දීමේ නව වැඩසටහනක් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයෙන්: Reconciliation Week
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:22
- Mas informaciones
Informações:
Sinopsis
වසර 1788 දී බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණ ජනාවාස පිහිටුවීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් මෙම භුමියේ සිටි මුල් වැසියන් වන ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වාසින් හට නොයෙකුත් ගැහැටවලට මුහුණ දීමට සිදු වුණා. එවක සුදු ජාතික පාලනාධිකාරිය විසින් ස්වදේශික දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රඳවා තැබීම ඉන් එක් අවාසනාවන්ත සිදුවීමක් වනවා. මෙලෙස ඉතා කුඩා කාලයේ දී පැහැරගෙන ගොස් පුනරුත්තාපන කඳවුරුවල ඇතිදැඩි වුණු දරුවන්ගෙන් බිහිවුණු “ඇබෝරිජිනල් - බ්‍රිතාන්‍ය” මිශ්‍ර පරම්පරා, පසුකාලීනව, "සොරාගත් පරපුර" හෙවත් Stolen Generation ලෙස හැඳින්වුවා. Reconciliation Week හෙවත් 'ජාතික සංහිඳියා සතියේ' ආරම්භයත් සමඟ, සැබෑ ඉතිහාසය කතා කිරීමත් ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමඟ නිල සම්මුතියකට එළඹීම සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගැනීමත් කරන මෙන්, හිටපු ලේබර් සෙනෙට් සභික පැට් ඩොඩ්සන් ද ලේබර් පක්ෂයෙන් ඉල්ලා සිටිනවා.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි කතා කරනවා.