Sbs Sinhalese - Sbs

දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණීමට අවශ්‍යවන balance of family test පරීක්ෂණය ගැන තොරතුරු මෙන්න

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඇති පිරිස් වල දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා වන වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මෙහිදී පවුලේ අනෙකුත් දරුවන් ජීවත්වන රටවල් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා. එය Balance of family test ලෙස හඳුන්වනවා. මෙහිදී මූලික වශයෙන් parent visa Subclass 103 යටතේ තම දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අවස්තාව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි දරුවන්ට ලැබෙනවා. මීට අමතරව contributory parent, aged parent ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් සඳහා අයදුම් කිරීමටද මෙම balance of family test පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබිය යුතු වනවා. ඒ පිළිබඳව තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා